IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ලොග්ගල්ලා ඔය හරහා අවදානම් ගමනක යෙදෙන ගැමියෝ

(නිශාන්ත කුමාර)

ලොග්ගල්ලා ඔයේ දැවටගොල්ල තොටුපොළ හරහා පාලමක් නොමැතිවීම හේතුවෙන් මීගහකිවුල සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් දැවටගොල්ල , උඳුගොඩ,  බලගොල්ල ඇතුළු ගම්මාන රැසක ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

තොටුපළ හරහා පාලමක් ඉදිකර දෙන ලෙස බලයට පත් වූ සෑම රජයකින්ම ඉල්ලීම්  කළද මේ වන විටත් එය ඉටු නොවීම හේතුවෙන් තමන්ට මේ අයුරින් අනාරක්ෂිත ලෙස මෙම තොටුපොළ හරහා එහා මෙහා යාමට සිදුව ඇතැයි  පාලමක් ජනතාව පවසති.

මීගහකිවුල සහ රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට  අයත් බලගොල්ල දැවටගොල්ල, මැදයාය, උඳුගොඩ පල්ලෙඅරාව කුරුවිතැන්න, වීරගොල්ල ආදී ගම්මාන  එකිනෙක වෙන්වන්නේ මෙම ගම්මාන අතරින් ගලා බසින ලොග්ගල්ලා ඔයෙනි.

ලොග්ගල්ලා ඔය හරහා පාලමක් නොමැති වීම හේතුවෙන් මෙම ගම්මානවල ජනතාව ලොග්ගල්ලා ඔය හරහා එහා මෙහා ගමන් ගන්නේ ලොග්ගල්ලා ඔයේ පිහිටි දැවටගොල්ල    තොටුපොළ හරහා ඉණ වටක් දියේ ගිලෙමිනි.

රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි උඳුගොඩ මැදයාය, දැවටගොල්ල   ආදී ගම්මාන වල දරුවන්ට අධ්‍යාපනය හැදැරීම සඳහා එම ප්‍රදේශය තුළ පාසලක් නොමැති අතර ඔවුන් අධ්‍යාපන  කටයුතු සඳහා පැමි‍ණෙන්නේ ලොග්ගල්ලා ඔයට මෙපිටින් පිහිටි මීගහකිවුල හා බලගොල්ල විද්‍යාලවලට බව ජනතාව පවසති.

ලොග්ගල්ලා ඔයේ ජල මට්ටම අඩු අවස්ථාවලදී ඔවුන් ඔයේ ඉණ වටක් ගිලී මෙගොඩ පැමිණ පාසල් යන අතර  ඔයේ ජලය වැඩි අවස්ථාවන් වලදී අබලන් පාරුවක නැගී මෙගොඩට පැමිණෙන බව ප්‍රදේශවාසීහු පවසති.

ප්‍රදේශයේ පිරිසක් වැලි ගොඩ දැමීම සඳහා සකසාගත් අබලන් පාරුවකින් ඔවුන් මෙලෙස එහා මෙහා ගමන් ගන්නා අතර පාරුවට යොදා ඇති හුලං පිරවූ ටියුබ් අබලන් වූ විට පාරුව භාවිතා කළ නොහැකි බවද ඔවුහු කියති.

අවස්ථා කිහිපයකදීම පාරුව පෙරළී යාම සහ ගසාගෙන යාම හේතුවෙන් මේ වන විටත් සැළකිය යුතු පිරිසක් ඔයේ ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත්වූ බව ගම්වාසීහු පැවසූහ.

පාරුව නොමැති අවස්ථාවලදී  එක් අයෙකු එගොඩට පිනා ගොස් පාරුව මෙගොඩට  ඇදගෙන ඒමට සිදුවන බවද මෙම ඔවුහු කියති.මෙම තත්ත්වය මත පාසල් යන දරුවන්ට ඇඳුම් දෙකක් රැගෙන පාසල් යාමට සිදුවන ඇතිබව ප්‍රදේශවාසීහු පවසති.

මෙම  තත්ත්වය මත ප්‍රදේශයේ කෘෂි නිෂ්පාදන නගරය වෙත රැගෙන ඒම ද සෙසු භාණ්ඩ ප්‍රවාහනය ද අඩාල වී ඇතැයි ඔවුහු  පවසති.

මෙම ස්ථානය හරහා ගමන් නොකර විකල්ප මාර්ගයක් භාවිතා කරන්නේ නම් තමුන්ට අමතර කිලෝ කිලෝමීටර් 10 ක පමණ දුරක් යාමට සිදුවන බවද ප්‍රදේශවාසීහු පවසති.

මෙම තත්තවය මත අධික වර්ෂාව සහිත කාලවලදී දරුවන්ගේ පාසල් ගමනට තිත තැබෙන අතර සෙසු අවශ්‍යතා සපුරා ගැනීම ද ඔයේ ජල මට්ටම අඩුවන තුරු සීමා කිරීමට සිදුවන බව ගම්වාසීහු පවසති.

මෙම ස්ථානයට පාලමක් සකස් කර දෙන ලෙස වගකිව යුතු බොහෝ පිරිසකට ඉල්ලීම්ඉදිරිපත්කළද   මේවන තුරුත් එය ඉටුවී නැතැයි ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් ජයවර්ධන මහතා මෙසේ පැවසීය.

            ‘‘මීගහකිවුල සහ රිදිමාලියද්ද ප්‍රාදේශීය සභා දෙක දුප්පත් ප්‍රාදේශීය සභා දෙකක්. මේ එක සභාවකටවත්    මෙවැනි විශාල ව්‍යාපෘතියක් කරන්නට වත්කමක් නැහැ.

විශේෂයෙන්ම අපි මේ සම්බන්ධයෙන් පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේදී බැසිල් රාජපක්ෂ මහතා වෙත කුඩා පාලම් ව්‍යාපෘතිය යටතේ පාලමක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කරා.

නමුත් ආණ්ඩු පෙරළියත් සමඟ එය වෙනස් වුණා. ඉන්පසුව යහපාලනය රජයටත් යෝජනා ඉදිරිපත් කළත් ඒ පිළිබඳ සැලකිල්ලක් දැක්වූයේ නැහැ.

වත්මන්  රජයට යෝජනාවක් ඉදිරිපත් කර මෙම ස්ථානය හරහා පාරලමක් ඉදිකර දීමට ඉදිරියේදී කටයුතු කරනවා‘‘යැයි ඒ මහතා පැවසීය.

 

 

 

 



අදහස් (3)

ලොග්ගල්ලා ඔය හරහා අවදානම් ගමනක යෙදෙන ගැමියෝ

කසුන් - ගම්පහ Wednesday, 22 January 2020 03:06 PM

අවුරුද්දකට කොච්චර අනවශ්‍යය මුදල් ප්‍රමාණයක් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වෙනුවෙන් වැය වෙනවාද ? රටේ මේ වගේ තැන් තියෙන්නෙ එකක් දෙකක් එහෙම නොවෙයි... අනේ අර දරුවෙක් දෙන්නෙක් එහෙම වතුරට වැටුනොත් මොන දෙයියන්ට කියන්ටද ? වගකිවයුත්තන්ට මේ දුක පෙනේවා....

:       0       62

saman Thursday, 23 January 2020 11:13 AM

මේ අය පාරුවේ පාවුණාට, අපේ මන්ත්‍රී නම් පාවෙන්නේ බෙන්ස් එකේ. කාටද ආඩම්බර?

:       0       56

sampath Thursday, 23 January 2020 11:55 AM

සමහර පාරවල් වල මල් පෝච්චි තියද්දි සමහරුන්ට යන්න ඒ දණ්ඩක්වත් නැහැ. මේක තමයි සම්පත් බෙදීයාමේ විෂමතාවය අසන්තුලිත සංවර්ධනය

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1915 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1526 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site