IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලිංගික හිංසන සිද්ධියට මන්ත්‍රිනී සංසදයත් වැඩ අරඹයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සමහර රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් අද හෙටම ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ  සභාපතිනී  විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

එසේම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ  සාමාජිකාවන්  කතානායකවරයා හමුවීමට තීරණය කර ඇතැයිද  ඇය සඳහන් කළාය.

මෙම සිද්ධිය පිළිබඳව තොරතුරු අනාවරණය  කළ  මාධ්‍යවේදීන්ට ස්තුතිය පුද කරන බව පැවසූ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දැන් කළ යුත්තේ මාධ්‍ය හෙළිකළ  තොරතුරු මත  පරීක්ෂණ පවත්වා වගකිවයුත්තන් අනාවරණය කරගෙන ඔවුනට දඬුවම් කිරීම බවද ප්‍රකාශ කළාය.

මේවා හෙළි කළ මාධ්‍ය පසුපස හඹා යෑම නොකළ යුතු බවද ඇය සඳහන් කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් යම් යම් තොරතුරු හෙළිවීම නිසා ප්‍රධානියකුගේ වැඩ තහනම් කර ඇති හෙයින් මේ පිළිබඳව පරීක්ෂණ දිගටම පවත්වා සෙසු සැකකරුවන්ද කොටු කර ගැනීම පරීක්ෂණ කමිටුවේ වගකීම බව  පැවසූ සභාපතිවරිය කමිටුවේ පරීක්ෂණ සඳහා මන්ත්‍රීවරියන්ගේ සංසදයද සියලු සහයන් දෙන බව සඳහන් කළාය.

තරුණ සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිංසන සම්බන්ධයෙන් පරීක්ෂණ අපක්ෂපාතීව පැවැත්විය යුතු බවත්  ඒවාට බාධා කිරීමට කිසිදු නිලධාරියකුට ඉඩ නොදිය යුතු බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.



අදහස් (4)

ලිංගික හිංසන සිද්ධියට මන්ත්‍රිනී සංසදයත් වැඩ අරඹයි

Perera Friday, 18 August 2023 05:05 PM

ඕකට සුසන්තිකාවත් එකතුකරගෙන එස්.බී. ගොයියත් ඔය ගමන්ම තොණ්ඩුව දාන්න.

:       0       3

de silva Friday, 18 August 2023 08:48 PM

මේක සාපරාධී ක්‍රියාවක්... මේ පරීක්ෂණ පොලිසියට බාරනොදී දැන් සති ගණනක සිට නටන නාඩගම කුමක්ද?

:       0       5

පැරකුම්Saturday, 19 August 2023 09:02 AM

Dear Mr de Silva: කලබල වෙන්න එපා. ඕක ඔතැනින්ම යට යනවා. මාධ්‍යවේදීන් පරිස්සම් වුණොත් හොඳයි.

:       0       0

C.K. Lankaputhra Saturday, 19 August 2023 01:10 PM

ද සිල්වා මහත්තයෝ! පොලිසියට බාර දෙන්න! ඊට වැඩිය හොදයි, පස්ස පැස්ස ගලක උලා ගන්න එක...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1017 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site