IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ලෝක ළමා දිනයට විෂන් කෙයා වෙතින් දීප ව්‍යාප්ත චිත්‍ර තරගාවලියක්

විෂන් කෙයා ආයතනය, 2023 ලෝක ළමා දිනයට සමගාමීව “පාට සිත්තම්” නමින් දීපව්‍යාප්ත චිත්‍ර තරගාවලියක් සංවිධානය කර තිබේ. මේ සඳහා සෑම වයස් කාණ්ඩයකම පාසල් සිසු සිසුවියන්ට සහභාගී විය හැකි අතර වටිනා ත්‍යාග සහ මුදල් ත්‍යාග 100කට අධික ගණනක් දිනා ගැනීමට අවස්ථාව උදාවෙයි.

‘මගේ දෑසින් හෙට ලොව’ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම දීපව්‍යාප්ත චිත්‍ර තරගාවලිය මූලික ප්‍රාථමික (1, 2, 3 ශ්‍රේණි), මූලික ද්විතීයික (4, 5, 6 ශ්‍රේණි), කනිෂ්ඨ (7, 8, 9 ශ්‍රේණි), ජ්‍යෙෂ්ඨ (10, 11 ශ්‍රේණි), ජ්‍යෙෂ්ඨ ද්විතීයීක (12, 13 ශ්‍රේණි) යන වයස් කාණ්ඩ පහක් යටතේ පැවැත්වේ. අවසන් වටයෙන් තේරී පත් වන ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා මුදල් ත්‍යාග, වටිනා ත්‍යාග සහ සහතික පත් ලබාදෙන අතර විශිෂ්ට සම්මාන, සම්මාන සහ කුසලතා යන කාණ්ඩ සඳහා ද වටිනා මුදල් ත්‍යාග පිරිනමනු ලබයි.

මේ සඳහා සහභාගි වීමට කැමැත්තක් දක්වන දරුවන්ට අඟල් 18×14 ප්‍රමාණයේ කඩදාසි, බෝඩ්, කැන්වස් හෝ ඕනෑම මතුපිටක (තිරස් හෝ හරස් අතට) දියසායම්, පැස්ටල්, පෝස්ටර් සායම්, ඇක්‍රලික්, තෙල් සායම් ආදී ඕනෑම වර්ණ මාධ්‍යයක් භාවිත කරමින් සිය නිර්මාණ ඉදිරිපත් කළ හැකිය. සියලුම නිර්මාණ පාසලේ විදුහල්පතිතුමා, පන්ති භාර ගුරුතුමා හෝ විෂය භාර ගුරුතුමා විසින් සහතික කළ යුතු අතර 2023 සැප්තැම්බර් 20 වැනි දින හෝ ඊට පෙර, දිවයිනේ පිහිටි ඕනෑම විෂන් කෙයා ශාඛාවකට පැමිණ අයදුම්පත පුරවා නිර්මාණ භාර දිය හැකිය. අවසන් තරගය පැවැත්වෙන දිනය, වේලාව සහ ස්ථානය පසුව දැනුම් දෙනු ලැබේ.

විෂන් කෙයා “පාට සිත්තම්” චිත්‍ර තරගය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා https://visioncare.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

595



අදහස් (0)

ලෝක ළමා දිනයට විෂන් කෙයා වෙතින් දීප ව්‍යාප්ත චිත්‍ර තරගාවලියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 340 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site