
ලංකා හොස්පිටල්ස් සිය නව ස්ථුලතා පාලන (Bariatric)මධ්‍යස්ථානය ඇරඹීම සහ අතිසාර්ථක ලෙස ස්ථුලතා පාලන (Bariatric)සැත්කම් 250 ක සන්ධිස්ථානය පසු කිරීම පිළිබඳව පසුගියදා නිවේදනය කළේය.
ලංකා හොස්පිට්ල්ස් හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි මහතා, මෙම සුවිශේෂී සන්ධිස්ථානය වෙත ළඟාවීම සඳහා කැපවීමෙන් සහ වෙහෙස මහන්සි වී වැඩ කළ වෛද්‍ය කණ්ඩායමට සහ කාර්ය මණ්ඩලයට සිය කෘතඥතාව පළ කළේය. “අපගේ නව ස්ථුලතා පාලන (Bariatric)මධ්‍යස්ථානය සාර්ථක ලෙස ආරම්භ කිරීම සහ අපගේ සාර්ථක 250 වැනි ශල්‍යකර්මය සිදුකිරීම ලංකා හොස්පිට්ල්ස් ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරයි. ජාත්‍යන්තර තත්වයේ සෞඛ්‍ය සේවා සැපයීමට සහ අපගේ රෝගීන්ගේ සෞඛ්‍යය තත්වය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට අපි කැපවී සිටිමු.
ලංකා හොස්පිට්ල්ස් හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ලසන්ත කරුණාසේකර මහතා තරබාරුකම සහ ඒ ආශ්‍රිත ආහාර ජීර්ණ සම්බන්ධ ආබාධවලට විසඳුම් සෙවීමේදී ස්ථුලතා පාලන සැත්කම්වල වැදගත්කම අවධාරණය කළේය.
ලංකා හොස්පිටල්ස් ස්ථුලතා පාලන (Bariatric)මධ්‍යස්ථානයේ ප්‍රධානී මහාචාර්ය තේජන විජේරත්න, එක් එක් රෝගියාට අනන්‍ය වූ සත්කාර ලබාදීමට මධ්‍යස්ථානයේ කැපවීම අවධාරණය කළේය.
නව ස්ථුලතා පාලන (Bariatric)මධ්‍යස්ථානය සාර්ථකව විවෘත කිරීම සමගාමිව සහ සාර්ථක 250 වැනි ශල්‍යකර්ම කඩඉම අභිබවා යාම රෝගි සත්කාරයේ විශිෂ්ටත්වය සඳහා ලංකා හොස්පිට්ල්ස් හි කැපවීම පිළිබඳ සාක්ෂියක් වන අතරම සහ ශ්‍රී ලාංකික සහ අන්තර්ජාතික රෝගීන්ට ඉහළම ගුණාත්මක සෞඛ්‍ය සේවා සැපයීම සඳහා එහි කැපවීම මනාව පෙන්නුම් කරයි. නව ස්ථුලතා පාලන (Bariatric)මධ්‍යස්ථානය අතිනවීන පහසුකම්වලින් සමන්විත වන අතර, මෙම විශේෂ රෝගීන්ට රෝහලේ අනෙකුත් අංශවලින් සහ පිරික්සුම් කැමරාවලින් සම්පූර්ණයෙන්ම වෙන් කර ඇති විශේෂිත පොරොත්තු ස්ථානයක් ද ඇතුළත් ය. මෙම රැඳී සිටීමේ ප්‍රදේශය රෝගීන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන එක් එක් රෝගියාට අනන්‍ය රැකවරණයක් සපයමින් සුවපහසු ලෙස නිර්මාණය කර ඇත.
සමාරම්භක උත්සවයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ලංකා හොස්පිට්ල්ස් ස්ථුලතා පාලන (Bariatric)මධ්‍යස්ථානයේ ස්ථුලතා පාලන සැත්කම් පිළිබඳව සිය පෞද්ගලික අත්දැකීම් බෙදා ගත්තේය.
-595

2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලංකා හොස්පිටල්ස් නව ස්ථුලතා පාලන මධ්‍යස්ථානය විවෘත කෙරේ