ජාත්‍යන්තර කීර්තියට පත්, සම්මාන රැසකින් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික රෝහලක් වන ලංකා හොස්පිටල්ස් සිය රෝහල තුළ සිදු වූ 1500 වැනි IVF දරු උපත පසුගියදා සැමරීය. ලංකා හොස්පිටල්ස් රෝහලේ සාඵල්‍යතා මධ්‍යස්ථානය විසින් පසුගියදා රෝහලේදී පවත්වනු ලැබූ විශේෂ උත්සවයකදී මෙම නිවේදනය සිදු කෙරිණි.
“දැනට වසර 20 ක කාලයක් පුරා ලංකා හොස්පිටල්ස් ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා ප්‍රතිකාරය සම්බන්ධයෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කරමින් සිටිනවා. දරුවන් අපේක්ෂාවෙන් පසුවන සිය ගණනක් පවුල්වලට අපේ සහය විශාල අස්වැසිල්ලක් වුණා. අපේ ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සමරන මේ මොහොතේදී ඊට හේතු සාධක වුණු අපේ කාර්ය මණ්ඩලයේ කැපවීම සහ අති නවීන පරීක්ෂණාගාර සහ තාක්ෂණය මෙහිදී මතක් කළ යුතුමයි.” යැයි ලංකා හොස්පිටල්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි මහතා පැවසීය.
“ලංකා හොස්පිටල්ස් සාඵල්‍යතා මධ්‍යස්ථානය අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය පැහැදිලිව පෙන්වා දෙනවා. ඉක්සි සහ ඉම්සි ක්‍රම හරහා පිළිසිඳ ගැනීමේ හැකියාව ඉතා ඉහළ බව සහ සාර්ථකව පිළිසිඳ ගැනීමට ඇති හැකියාව ඉතා ඉහළ බව අපි සනාථ කර තිබෙනවා.” යැයි ලංකා හොස්පිටල් සාඵල්‍යතා මධ්‍යස්ථානයේ සායනික කළලවේදී වෛද්‍ය මදාර රැළපනාව මෙහිදී අදහස් දක්වමින් පැවසීය.
“වෙනත් ක්‍රමවේද හරහා සාර්ථකව පිළිසිඳ ගැනීමට නොහැකි වූ යුවළවලට තිබෙන හොඳම විසඳුම අයි.වී.එෆ්. හෝ ඉක්සි ක්‍රම හරහා ඒ සඳහා උත්සාහ කිරීමයි. අනෙකුත් ක්‍රමවේදවලට සාපේක්ෂව මේ හරහා සාර්ථක වීමට ඇති අවස්ථාව ඉතා ඉහළයි. ඒ වගේම එයින් ලැබෙන ප්‍රතිලාභ අති විශාලයි.” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා හොස්පිටල්ස් සාඵල්‍යතා මධ්‍යස්ථානයේ නේවාසික ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න මහතා පැවසීය.
අයි.වී.එෆ්. (IVF) නමින් හැඳින්වෙන කෘතිම සංසේචනයෙන් මඳසරු බව නිසා දරු සම්පත් ලැබීමට අපහසු විවාහක යුවල වෙනුවෙන් භාවිත කෙරෙන සාර්ථක ක්‍රමවේදයකි.
අයි.වී.එෆ්. (IVF) ක්‍රමවේදයට අමතරව ලංකා හොස්පිටල් සාඵල්‍යතා මධ්‍යස්ථානය ඉක්සි තාක්ෂණය සහ ඉම්සි තාක්ෂණය නමින් හැඳින්වෙන මඳසරු බව සඳහා යොදා ගන්නා අනෙකුත් දියුණු ප්‍රතිකාර ක්‍රමවේද සඳහාද ප්‍රතිකාර මධ්‍යස්ථානයකි.
595
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලංකා හොස්පිටල්ස් අයි.වී.එෆ්. (IVF) දරු උපත් 1500 කඩඉම පසු කරයි