IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලංකා සතොස භාණ්ඩ 9 ක මිල තවත් අඩු කරයි

(යොහාන් භාසුර)

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 9 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල ඊයේ (21) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය.

ලොකු ලූනු කිලෝවක් රුපියල් 100 කින්, රතු කව්පි කිලෝවක මිල රුපියල් 52 කින්,  සුදු කව්පි කිලෝවක මිල රුපියල් 50 කින්, බාස්මතී සහල් කිලෝවක මිල රුපියල් 20 කින්, රතු ලූණු කිලෝවක මිල රුපියල් 10 කින්, සුදු සහ දුඹුරු සීනි කිලෝවක මිල රුපියල් 5 බැගින්, සෝයාමීට් කිලෝවක මිල රුපියල් 5 කින් සහ රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 2 කින් මිල අඩු කළ බව සතොස සඳහන් කරයි.

ඒ අනුව ලොකු ලූණු කිලෝවක නව මිල රුපියල් 550 ක් ද, රතු කව්පි කිලෝවක නව මිල රුපියල් 998 ක් ද, සුදු කව්පි කිලෝවක නව මිල රුපියල් 1,100 ක් ද, බාස්මතී සහල් කිලෝවක නව මිල රුපියල් 650 ක් ද, රතු ලූණු  කිලෝවක නව මිල රුපියල් 350 ක් ද, සුදු සීනි කිලෝවක නව මිල රුපියල් 265 ක් ද,  දුඹුරු සීනි කිලෝවක නව මිල රුපියල් 425 ක් ද, සෝයාමීට් කිලෝවක නව මිල රුපියල් 595 ක් ද, රතු කැකුළු සහල කිලෝවක නව මිල රුපියල් 168 ක් ද, බව සතොස වැඩි දුරටත් සඳහන් කරයි.



අදහස් (4)

ලංකා සතොස භාණ්ඩ 9 ක මිල තවත් අඩු කරයි

Pradeep Kumarasinghe Friday, 22 March 2024 04:19 PM

උදාරයි.

:       9       3

ලසන්ත Friday, 22 March 2024 04:47 PM

විවෘත වෙළදපොලේ රුපියල් 1200/= ක් වන රතු කව්පි වලින් පාරිභෝගික ජනතාවට රුපියල් 202 ක ලාභයක් ලැබෙනවා සුදු කව්පි නම් වගාබිම් ආශ්‍රිතව තියෙන මිලට රුපියල් 500 /= වැඩියි

:       0       3

Nimal Friday, 22 March 2024 07:25 PM

අපි ඔක්කොම පවු බන්...!

:       0       0

ජලවානේ කිරියා Saturday, 23 March 2024 05:49 AM

හොඳම ලොකු ළූනු වෙළඳ පලේ 500 ක් 300යි.. රතු සීනි 400යි... රතු සහ රෝස කැකුළු 160....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site