
(ඉන්දිකා රාමනායක)
වකුගඩු ආශ්‍රීත හටගත් ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කර ගිනස් වාර්තා අතරට එක්වූ එම සැත්කම සිදුකළ කොළඹ යුද්ධ හමුදා රෝහලේ මෞත්‍ර ලිංගික පද්ධති අංශ (Genito Urinary Unit) ප්‍රධානි ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ සුතර්ෂන් මහතා ඇතුළු එම වෛද්‍ය කණ්ඩායමට යුද හමුදාපති ලුතිතන් ජනරාල් විකුම් ලියනගේ මහතා ප්‍රශංසාව පුද කළේය.
මෙම කණ්ඩායමට යුද්ධ හමුදා මූලස්ථානය වෙත ඊයේ (14) ආරාධනා කිරිමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසින් ‘ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ සුතර්ෂන් මහතා හමුදාධිපති ප්‍රශංසා පදක්කම’ ප්‍රදානය කරන ලදී.
වකුගඩු ආශ්‍රීත හටගත් සෙන්ටිමීටර 13.372 ක දිගකින් සහ ග්‍රෑම් 801 ක බරින් යුක්ත ගලක් ඉවත් කිරීමට කොළඹ යුද්ධ හමුදා රෝහලේ ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ සුතර්ෂන් ඇතුළු වෛද්‍ය කාර්යය මණ්ඩලය ඉකුත් බ්‍රහස්පතින්දා (ජුනි 1) දින සිදු කළ ප්‍රධාන ශල්‍යකර්මයකදී සමත් වූහ.
රෝගියාගේ ජීවිතයට හානියක් නොවන අයුරින් කොළඹ යුද්ධ හමුදා රෝහලේ ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ සුතර්ෂන් සිදුකළ සැත්කම ඇගයීමට ලක්කරමින් ‘යුද්ධ හමුදාධිපති ප්‍රශංසා පදක්කම’ පළදනු ලැබීය.
කොළඹ යුද්ධ හමුදා රෝහලේ මෞත්‍ර රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතර්ෂන්ගේ ප්‍රධානත්වයෙන් කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තමාෂා ප්‍රේමතිලක විසින් මෙම ශල්‍යකර්මය සිදුකරනු ලැබීය. ඒ සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් ලෙස කර්නල් (වෛද්‍ය) යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී.එස් අබේසිංහ දායකත්වය ලබාදෙන ලදී.
ගිනස් ලෝක වාර්තාවට අනුව, ලෝකයේ මේ වන විට හමුවී ඇති දිගම වකුගඩු ගල වර්ෂ 2004 දී ඉන්දීයාවේදී කරන ලද ශල්‍යකර්මයකදී හමුවී ඇති අතර, එය සෙන්ටිමීටර 13 ක් දිගින් යුක්ත විය. බරින් වැඩිම වකුගඩු ගල වර්ෂ 2008 දී පාකිස්ථානයෙන් හමුවී ඇති අතර, එය ග්‍රෑම් 620 ක් ලෙස සඳහන් වේ.

2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝක වාර්ථා තැබූ කර්නල් දොස්තරට සම්මාන