
(කාංචන කුමාර ආරියදාස)
දේශීය ලොකු ලූණු විකුණා ගැනීමට නොහැකිව නරක් වේද්දී ලූනු අලෙවිකරන්නන් ලොකු ලුණුවලට අලුත් නම් රැසක් පටබැඳ ඇතැයි දේශීය ලොකු ලූනු ගොවීහු කියති.
ඒ අනුව අලෙවි කර ගැනීමට නොහැකි වූ ලොකු ලූනු තෝරා කොටස් කිරීමේදී චාටර්, සුපින්, සිනි සම්බල් සහ ලොකු ලුණු යන නම් වලින් හඳුන්වන බව ගොවීහු කියති.
මෙතරම් ලොකු ලූනුවලට විනාශයක් කිසි දිනෙක සිදු නොවූ බවද ලොකු ලුණු ගොවීහු පවසති.
මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිපුරම දේශීය ලොකු ලූනු වගාව සිදුකෙරන සීගිරිය ප්‍රදේශයේ ගොවීන් මේ වන විටත් තම අස්වනු විකුණා ගත නොහැකිව විනාස වී යන ආකාරය පෙන්වා දෙති.
ඔවුන්ගේ නිවෙස් වල තබා ඇති ලුනු දින පතා විනාශ වී නිවෙස් අවට සහ කුඹුරුවලට විසි කර ඇති අයුරු ද ඔවුහු පෙන්වා දෙති .
කෙසේ වෙතත් දේශීය ලොකු ලූනු ගොවීන් සඳහන් කර සිටින්නේ ඉදිරි කන්නවල ලොකු ලූනු වගාවෙන් ඉවත්වීමට සිදුවන බවය.


2025 නොවැම්බර් මස 04
194
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2072
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොකු ලූනුවලට නම් පටබඳිති
Vanidu Wednesday, 05 November 2025 03:18 PM
චාටර් වෙනුවට මාලිමා කියලා දාගන්න.
MD Wednesday, 05 November 2025 03:36 PM
ආණ්ඩුව හදන්නේ අයවැයෙන් මිනිස්සුන් රවටන උපකාර ඵකක් දෙකක් දීලා අර අහිංසකව තමන්ගේ මහන්සියෙන් වගා කරලා හම්බ කරගන්න මිනිස්සු වහලුන් කරගන්න ඵකයි. දෑතේ මහන්සියෙන් ජීවත්වෙන රටට ණය නැති ජනතාවනි, මෙවැනි කූට උපක්‍රමයන් වලට නොරැවටෙනු...
සෙනෙවිරත්න Wednesday, 05 November 2025 03:41 PM
පව්, ජෙප්පන්ගේ පචවලට අහුවෙලා පවුල් පිටින් විනාශවෙන අපේ අහිංසක ගොවියෝ. ඒ අයගේ සාපයම ඇති මේ කාලකන්නි.., ඉන්දියාවට රට විකුණන..., ආණ්ඩුව හැඳිගෑවිලා යන්න..
ජහමනයා Wednesday, 05 November 2025 04:14 PM
බනින් නැත්නම් විසඳුමක් කියන්න පුළුවන්. ඊලඟ පාරත් මාලිමාවට...
ගුණරත්න Wednesday, 05 November 2025 04:44 PM
ඡන්ද කාලයේ ජවිපේ මාළිමාව දීපු පොරොන්දු මතක කාටද? ඒ කාලේ ඔවුන්ට සියලුම දේ සම්බන්ධව මහා ප්ලෑන් තිබුණා කියලා ඡන්ද වේදිකාවේ කියුවා. කොටින්ම කියුවොත් ඩොලර් බිලියන 50ක ණය මුදල පවා සුළු දෙයක් ලෙස ඇඟව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ? ළූණු ටික විකුණාගන්න බැරි වෙලා. එතකොට කෝ අර කියූ ප්ලෑන්? කෝ ඒකාලේ හිටි විශේෂඥවරු? ඔය වගේම ෆයිල් 400ක් විතර ගොඩාක් පෙන්වාගෙන තව නාට්‍යයක් කළා. ඒත් තාම අලුතෙන් අල්ලපු හොරෙක් නැහැ. දැන් හිරේ ගිය ඒවාත් අවුරුදු ගාණක් තිස්සේ අහපු නඩුවල තීන්දු...!
ගොවිරාළ Wednesday, 05 November 2025 07:45 PM
ගොවීන් ලොකුලූනු වගාව ආරම්බ්භ කලේ එජාපය පාලනය තිබුණු කාලයේ කියලා මතකයක් තියෙනවා. ඉතින් හිටපු වෙළද ඇමැති ඇතුලත්මුදලි මැතිතුමා ලංකාවේ ලූණු වගාවේ සශ්‍රීකත්වය නිසා දිරිගැන්වීමක් ලෙසට ලංකාවේ එතෙක් කියූ බොම්බයි ළූණු නමත් ලංකා ලොකුළූණු ලෙසට වෙනස්කළා. එහෙම වුණාම ජෙප්පෝ කියන හැටියට නම් ඇමතිටත් පාඩුයි ගොවීන් වගාවෙන් ඉවත්වුණොත් අනුමැතියටත් ආනයනකරුවන්ටත් රේගු ආදායමටත් හොදයි... ඒකද බලාපොරොත්තුව...
Nishan Thursday, 06 November 2025 03:36 AM
අපේ ලොකු ළූනු බාල්දු කරලා ඉන්දියාවෙන් ගේනවා. ඒකත් අර හොර ගිවිසුම් 7 ට අයිති එකක්ද දන්නේ නෑ. කිව්වේ නම් පිටරටින් කෑම බීම ගේන එක සම්පූර්ණයෙන් නවත්වනවා හාල් ගේන්නෙත් තරු පහේ හෝටල්වලට පමණයි කියලා. දැන් හාල් විතරක් නෙවෙයි ගේන්නේ නැති දෙයක් නෑ. ඉතිහාසේ පළමු වතාවට රට වටේ මුහුද තියාගෙන ලුනුත් ගේනවා. හේතුව මොකද්ද දන්නේ නෑ. මාලිමාවේ ඇමතිලාගේ ඊළඟ වත්කම් ප්‍රකාශනෙන් තමයි හේතුව බලාගන්න පුළුවන් වෙන්නේ. ඒකටත් වංගුවක් ගහයිද ෂුවර් නෑ.
Anuradha Thursday, 06 November 2025 04:20 AM
අපේ ගොවියෝ උත්සාහ කරන්නේ ලූණු ගෙඩිය පිටින් විකුණන්න මිසක් ලූනු ගෙඩියෙන් කරන්න පුළුවන් දේවල් ගැන කිසිදු වැටහීමක් නෑ. කෘෂිකර්ම අමාත්‍යාංශයත් මේකට වගකිව යුතුයි. මොනම විදිහකින්වත් ලුණු කුණු වීමට ඉඩ දිය යුතු නෑ. ලුණු බැදීමෙන් සහ ක්‍රමවත්ව අසුරා පාරිභෝගිකයින්ගේ පරිභෝජනය සඳහා වෙළඳපොළට නිකුත් කළ හැකියි. අනෙකුත් රටවල්වල ෆ්‍රයිඩ් රයිස් සඳහාත් අනෙකුත් ව්‍යංජන සඳහාත් එකතු කිරීමට පාරිභෝගිකයින් පුරුදු වෙලා තිබෙනවා ඉතාමත් පහසු කටයුත්තක් ඔවුන්ගේ ආහාරපාන සකසා ගැනීමේදී එසේ නැතහොත් ඔවුන්ට සීනි සම්බෝල සාදා ප්‍රාදේශීයව විකුණා ගැනීමටත් හැකියාව තියෙනවා. මේ සඳහා අවශ්‍ය දැනුම සහ පුහුණුව වගේම පහසුකම් කෘෂිකර්ම අමාත්‍යංශය මගින් සැපයිය යුතුයි..