
(නිමල කොඩිතුවක්කු සහ යොහාන් භාසුර)
මේ දිනවල වෙළඳපොළ තුළ ලොකු ළූන මිල ඉතා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව පාරිභෝගිකයෝ පවසති.
ඒ අනුව තොග වෙළඳපොළේ ලොකු ලූනු කිලෝවක් රුපියල් 600කටත්, සිල්ලර මිල රුපියල් 700කටත් අලෙවි වන බව ඔවුහු සඳහන් කරති.
මේ අතර වෙළඳපොලේ ලොකු ලූණු වල හිඟයක් පවතින බවත් පාරිභෝගිකයෝ පවසති.
පකිස්ථානය සිය අපනයනය සීමා දැඩි කිරීම හේතුවෙන් ලූනු ආනයනය ඇනහිටීම ලොකු ලූනු මිල හිටි හැටියේ සීඝ්‍රයෙන් ඉහළයාමට හේතු වී ඇතැයි වෙළඳපළ ආරංචි මාර්ග සඳහන් කරයි.
රජය මැදිහත් වී ලොකු ලූනු අනයනයට ඉන්දියාවෙන් රාජතාන්ත්‍රික ඉල්ලීමක් නොකළහොත් ඉදිරියේදී රුපියල් 1,000ක් වැනි මිලකට ලොකු ලූනූ මිල ඉහළ යනු ඇතැයිද ලොකු ලූනු අනයනකරුවන් පවසති.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


2025 දෙසැම්බර් මස 18
308
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොකු ලුණු කිලෝව 1000ට?
Hafeel Monday, 11 March 2024 05:38 PM
මේ මොහොතේ මහින්දව මතක් වෙන්නේ. ලොකු ලුණු කෑවාද, රතු ලුණු කෑවාද?
බද්රානි Monday, 11 March 2024 09:56 PM
ඩොලරයට සාපේක්ෂව රුපියල ඉහළ ගියාට ඉන්දියානු රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල පහළ වැටිලා වගෙයි.. කාටද මේ ආර්ථික නස්පැත්ති කියන්නේ...? ඇමරිකාවෙන් ලුණු ටිකක් ආනයනය කළා නම්, මීට වඩා ගොඩක් ලාභ වෙයි මගේ හිතේ...
සිරිබිරිස් Tuesday, 12 March 2024 01:35 PM
ලක්වාසීන්ටම ලොකු ලූනු කන්න හැමදාම මුහුදට දත නියවන්න බැහැ මුදල් දීලා හරි අවශ්‍යදේ ගන්න එක් එක් රටවලට පිංසෙන්ඩු වෙන්න ලැජ්ජාවක් නැද්ද ,ලංකාවෙ ලොකු ලූනු වවන්න හැකියාව ඇත්නම් රැකියා විරහිතව සිටින තරුණයන්ට පුහුණුවක් සමග සුදුසු ඉඩකඩම් ලබාදීල රටේ ලූනු වගාව කලොත් නරකද