IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


ලෝක රූ රැජින කිරුළ තායි සුරූපිනියට

2025 ලෝක රෑ රුජින කිරුළ දිනා ගැනීමට සමත් වූයේ තායිලන්තය නියෝජනය කළ සුරූපිනියයි. ඇය 22 හැවිරිදි ඕපල් සුචාතා චුවාන්ග්ශ්‍රී ය. තායිලන්ත සුරූපිනියක්, ලෝක රූ රැජින කිරුළ දිනූ පළමු අවස්ථාව වන්නේ මෙයයි.

ඕපල් සුචාතා, 2003 සැප්තැම්බර් 20 වැනිදා තායිලන්තයේ ෆුකට් පළාතේ උපත ලැබූ තැනැත්තියකි. ඇගේ පියා සහ මව ව්‍යාපාරිකයන්ය. සුචාතා, කිරුළු පැල‍යේ ලොව රටවල් 108 ක් නියෝජනය කළ සුරූපිනියන් පරදවමිනි.

2024 වසරේ ලෝක රූ රැජින කිරුළ දිනූ ක්‍රිස්ටිනා සයිකෝවා විසින් සුචාතාට රූ රැජින කිරුළ පැලඳීම සිදු කෙරුණි.

ඕපල් සුචාතා තායිලන්තයේ කැපී පෙනෙන නිරූපිකාවකි. ඇය එරට තාම්මාසත් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා පීඨයේ, දේශපාලන හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් හදාරමින් සිටී.

ලෝක රූ රුජින තරගාවලිය මෙවර පැවැත්වූයේ 72 වැනි වරටය. තරගාවලිය සංවිධානය කළේ ඉන්දියාවය. අවසන් වටය අකි උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූයේ හයිද්‍රාබාද් නුවර හයිටෙක් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදීය.

ඉන්දියාවේ ලෝක රූ රැජින තරගාවලියක් පැවැත්වුණු තෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර, 1996 දීත්, 2023 දීත් ලෝක රූ රැජින තරග ඉන්දියාවේ පැවැත්විණි.

අවසන් වටයට තරගකාරියන් 40 දෙනකු සුදුසුකම් ලැබූ අතර, පසුව ඔවුන් අතරින් 20 දෙනකුත්, ඉන්පසු එම 20 දෙනාගෙන් අට දෙනකුත් අවසන් වටයේ දී තෝරා ගැනීම සිදුවිය.

මෙවර තරගාවලියේ දෙවැනි ස්ථානය අප්‍රිකා රාජ්‍යයක් වන ඉතියෝපියාවේ හැසට් ඩෙරෙජ් ඇඩ්මාසු ද තෙවැනි ස්ථානය යුරෝපා රටක් වන පෝලන්තයේ මායා ක්ලජ්ඩා ද දිනා ගත්හ.



අදහස් (4)

ලෝක රූ රැජින කිරුළ තායි සුරූපිනියට

විජේපාල Sunday, 01 June 2025 08:16 AM

තායිලන්ත පොලිස් දෙපාර්තමේන්තුව, ලොවෙත් නැතිවෙන්න තායිලන්ත ජයග්‍රාහිකාවට උදව්කරලා වගේ! තායිලන්තේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ...!

:       9       9

පිටිගල මිලානෝ Sunday, 01 June 2025 01:39 PM

ඇත්තටම තායි සුරූපිනිය හරිම ලස්සනයි සහ ප්‍රසන්නයි.

:       2       16

PerakumMonday, 02 June 2025 03:52 AM

ඇයි පිටිගල මිලානෝ අපේ එක්කෙනා අවලස්සනද අප්‍රසන්නද?

:       4       0

රුවන් Monday, 02 June 2025 01:47 PM

මිලානෝ ඉන්නේ ඉතාලියේ, එකයි. එයා බැදලා ඇත්තේ මම්මා මියා ඉතාලි ගෑනු කෙනෙක් වෙන්න ඇති. ලස්සන වගෙම හොදට කෑම උයන්නත් පුළුවන් ඉතාලියේ ගෑනු අයට. මගේ වගේ ජර්මනියේ ගෑනු බැන්දා නම් හැමදාම තම්බපු කෑම කන්න වෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 210 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 292 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 446 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site