2021 ලෝක රූ රැජින තේරීමේ අවසන් වටයේ තරගය, තාවකාලිකව නවත්වා දැමීමට සංවිධායකයෝ තීරණය කළහ.
ඊට හේතු වූයේ රූ රැජින තරගාවලියට ඉන්දියාව නියෝජනය කරමින් ඉදිරිපත් වුණු සුරූපිනිය මනාසා වරණාසි ඇතුළු 17 තරගාවලියට සම්බන්ධ දෙනකු 'කොවිඩ් 19' ආසාදිතයන් බව තහවුරු වූ බැවිනි.
තරගාවලිය හදිසියේ අත්හිටුවීම සිදුවූයේ එය ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදීය. මෙවර ලෝක රූ රැජින තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ බ්‍රසීලයේ පුවර්ටෝ රීකෝ නුවර හෝසේ මිගුවෙල් රඟහලේය.
තරගාවලියේ සංවිධායකයන් ඉන්ස්ටග්‍රෑම් හරහා පවසා තිබෙන්නේ ඉදිරි දින 90 ඇතුළත තරගාවලිය පැවැත්වීමට කටයුතු කරන බවය.
මේ අතර, 'කොවිඩ් 19' ආසාදිතයකු වූ ඉන්දීය සුරූපිනිය නිරෝධානයට යොමු කළ බවත්, ඇයට ඇත්තේ සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පමණක් බවත් මාධ්‍ය වාර්තා කර තිබේ. ලෝක රූ රැජින කිරුළ සඳහා මනාසා වරණාසි ඉදිරිපත් වන්නේ ඇය 2020 ඉන්දීය රූ රැජින කිරුළ දිනා ගැනීමෙන් පසුවය.
(රොයිටර්)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ලෝක රූ රැජිනටත් කොරෝනා හරස් වෙයි