(අංජුල මහික වීරරත්න)
ලංකා බැංකු ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
1938 අංක 53 දරන ලංකා බැංකු ආඥා පනත යටතේ ස්ථාපිත කර ඇති ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳපොළ තුළ කටයුතු කරනු ලබන ප්‍රමුඛතම ආයතනයක් වන අතර, රාජ්‍ය හිමිකාරිත්වයක් සහිත වාණිජ බැංකුවක් ලෙස ජාතික ආර්ථිකයේ වර්ධනය සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දෙන බව රජය පවසයි.
තරඟකාරී සහ වේගයෙන් වෙනස් වන මූල්‍ය වෙළෙඳපොළ තුළ ක්‍රියාත්මක වෙමින්, ප්‍රශස්ථ ප්‍රතිලාභ උපයා ගැනීම සීමා කරනු ලබන අවහිරතා සහ අභියෝග ගණනාවක් දැනට බලාත්මක එකී ආඥාපනතේ පවතින බව හඳුනා ගනු ලැබ තිබේ.
ඒ අනුව ලංකා බැංකු ආඥාපනත වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීම සඳහා සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකා බැංකුව ’’මොඩ්’’ වෙයි
සුදු ඇඳගෙන කලු ඇවිදින් Tuesday, 16 July 2024 06:45 PM
ආර්ථිකය ශක්තිමත් කරනවා කියලා ව්‍යාපාර, රාජ්‍ය දේපළ හා බැංකු විකුණනවා හැර වෙන "මොඩ්" දෙයක් මෙතැන නැහැ....
Ravin Tuesday, 16 July 2024 10:14 PM
යකෝ මුට බැංකු පෙන්නන්න බැහැනේ, මේකටත් කෙලින්න වගේ යන්නේ , යන යකා කොරහත් බිඳගෙනලු යන්නේ. චන්දෙ පැරදුනාට පස්සේ ජිවත් වෙන්නත් එපැයි, එත් වැඩක් නැහැ , ජිවිතයේ අන්තිමකාලේ හිරබත් තමයි කන්න වෙන්නේ නාකියාට.