IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලොකු පොලී පෙන්නා සල්ලි ගැරූ බස්නායක නිලමේ-නිලිය යළි රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

වැඩි පොලියක් ලබා දෙන බවට පවසමින් රජරට හුරුළු ව්‍යාපාරය ගොවි ජනතාව රවටා "ට්‍රෙරෙඩ්වින් "නමින් පිරමීඩ  මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස්  රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක්  ජාවාරම් කළේ යැයි කියන  වීරසේකර මුදියන්සේලාගේ තරිඳු ඉරෝස් වීරසේකර නමැති උපාධිධාරී හිටපු බස්නායක නිලමේවරයා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනිය  ලබන 19 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කහටගස්දිගිලිය  මහේස්ත්‍රාත් එන්. ගුණසේකර  මහතා නියෝග කළේය.

සැකකරුවන්  පිළිමතලාව ප්‍රදේශයේ සැඟව සිටියේදී පසුගිය 27වැනි දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද (05) දින දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

රූපවාහිනී ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක වූ එගොඩ ගෙදර චමිලා පියදර්ශනී රාජරත්න බන්ධනාගාර ගත  සැකකාරිය වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාලගත අපරාධ විමර්ශන  ඒකකයේ උප පොලිස් පරීක්ෂක තිවංක දසානායක සහ පොලිස් කොස්තාපල් ජයරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ සැකකරු  විසින් සැකකාරියගේ බැංකු ගිණුම් වල තැන්පත් කර ඇති මුදල් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවය.

වසර දෙකක් තිස්සේ  පොලිස් විමර්ශන වලට සහාය නොදී සැඟව සිටි පුද්ගලයෙකු වන සැකකරු උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි  දේපළ රැසක් මිලදී ගෙන ඇති පුද්ගලයෙකු බවද,විමර්ශන රැසක් සිදු කරන බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් ගොවීන් 180කට අධික පිරිසක් මේ වන විට අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් ආරම්භ කර ඇති බවද සඳහන් කළේය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සුරාජ් වල්ගම හා ඉන්දික විජයවර්ධන යන මහත්වරුන් කරුණු දක්වමින් සැකකරුවන්ට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටියේය.

මෙය පිරිමිඩාකාරයේ මුදල් ජාවාරමක් නොවන බවත්,පුද්ගලික ගනුදෙනු ආකාරයෙන් මුදල් ලබා ගැනීමට සිදුව ඇති බවත් නීතීඥවරුන් පැවසීය.

අගතියට පත් ගොවි ජනතාව වෙනුවෙන්  නීතිඥවරුන් කරනු දක්වමින් කියා සිටියේ සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.

දෙපාර්ශවය කරුණු සලකා බැලූ  වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු සහ ඔහුගේ සහායක නිළිය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

වසරකට අධික කාලයක් තැන්පත්කරුවන්ට සියයට පහක මාසික පොලි මුදලක් ගෙවා ඇති සැකකරු 2022 සැප්තැම්බර් මාසයේ සිට කිසිදු පොලියක් ගෙවා නැති බව තැන්පත්කරුවන් පැමිණිලි මගින් සඳහන් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජාලගත විමර්ශන ඒකකයේ  වැඩ බලන අධ්‍යක්ෂ   පොලිස් අධිකාරි අනුර පේමරත්න මහතාගේ මෙහෙයවීම මත,ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව විජේසේන මහතාගේ අධීක්ෂණය යටතේ,ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් වීරසේකර,උප පොලිස් පරීක්ෂක තිවංක දිසානායක, සනත් ඉදිරිසිංහ, සහ පොලිස් කොස්තාපල් වරුන් වන( 93012) ලහිරු,97501 ජයරත්න,104743 බණ්ඩාර,94724 රණසිංහ සහ කාන්තා පොලිස් කොස්තාපල් මහෝදා නිලධාරිනීන් මෙම මෙහෙයුමට එක් වී ඇත.



අදහස් (0)

ලොකු පොලී පෙන්නා සල්ලි ගැරූ බස්නායක නිලමේ-නිලිය යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site