(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ආයතන ප්‍රධානීන් තවත් අට දෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
මෙසේ අනුමැතිය හිමිව ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනකු සහ ආයතන සභාපතිවරුන් හයදෙනකු පත් කිරීම සඳහාය.
ඒ අනුව යමුනා පෙරේරා මහත්මිය කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස පත් කිරීමටද ආර්.එම්.ඩබ්ලිව්. එස් සමරදිවාකර මහතා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්කිරීමටද උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත.
මීට අමතරව සුජීව රාජපක්ෂ මහතා මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස පත්කිරීමටද පත් කිරීමට ද අනුමැතිය හිමිව ඇත.
තවද එස්. ආර්. ඩී. රෝසා මහතා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කිරීමටද රත්නසිරි කළුපහන මහතා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කිරීමටද ඉංජිනේරු ඒ. ගල්කැටිය මහතා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සභාපතිවරයා ලෙස පත්කිරීමටද ස්ටෙලා මාරපන මහත්මිය ප්‍රසිද්ධ රැගුම්පාලක මණ්ඩලයේ සභාපතිවරිය ලෙස පත් කිරීමටද ජයන්ත විජේරත්න මහතා ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කිරීමටද අනුමැතිය හිමිව ඇත.
පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය (12)වැනි දා රැස්විය. මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න, නීතිඥ තලතා අතුකෝරළ, උදය ගම්මන්පිල, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොකු පුටු අටකට මැතිසබේ අනුමැතිය