(අංජුල මහික වීරරත්න)
බිල් ඇන්ඩ් මිලින්ඩා ගේට්ස් පදනම මගින් ජනාධිපති කාර්යාලය වෙත ලබාදීමට යෝජිත ප්‍රතිපත්තිමය සහාය ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතිපත්තිමය කරුණු වලට මගපෙන්වීම සහ රජයේ වැඩසටහන් අධීක්ෂණය කිරීම යන කාර්යයන් ඉටු කරමින් දැනට ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහන තුළ වැදගත් කාර්යයක් ඉටු කරනු ලබන බව රජය පවසයි.
එහිදී විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම්, ලෝක බැංකුවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහන,ආසියා සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති ආධාර වැඩසටහන් ආදී බහු පාර්ශවික ආයතන ගණනාවක් සමග සම්බන්ධීකරණය පවත්වාගෙන යාම මෙන්ම විවිධ රාජ්‍ය සහ පෞද්ගලික අංශ පාර්ශව කරුවන් සමග සම්බන්ධ වී කටයුතු කරනු ලබන බව රජය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝක ධනවත් පදනමක සහය ගන්න කැබිනට් අනුමැතියක්
Bamunuarachchi Tuesday, 30 January 2024 09:02 PM
බිල් ගේට් ප්‍රමුඛ කණ්ඩායම තමයි කියන්නේ ඔබට මේ ලෝකේ කිසිම දෙයක් අයිති නැත... ඒත් ඔබ සතුටින් ඉන්න අනාගතයක් හදනවා කියලා. එකට අඩිතාලම වශයෙන් ඉන්දියාවේ ගොවින්ගේ ඉඩම්වලට තට්ටු කරන්න ගිහිල්ලා ඉන්දියානු කෘෂිකර්ම ඇමැතිගෙන් ටොක්කක් කෑවා. ඔයා එන්නේ අපිට හොඳකට නොවෙයි පරිස්සමින්.... නොකිව්වා කියන්න එපා...
Rata Perata Tuesday, 30 January 2024 09:26 PM
බිල්ගේට්ස්වත් හූරගෙන කන්න වගේ හදන්නේ... ඔය සල්ලි ටිකටත් අබ සරණයි.