ලංකා වෝල් ටයිල්ස් සමූහය රැකියා කිරීමට වඩාත් සුදුසු ස්ථානයක් ලෙස great palce to work සම්මානය දිනාගෙන තිබේ. ලංකා වෝල් ටයිල්ස් පීඑල්සී, ලංකා ටයිල්ස් පීඑල්සී, ස්විස්ටෙක් සිලෝන් පීඑල්සී සහ ස්විස්ටෙක් ඇලුමිනියම් ලිමිටඩ් යන සමාගම් 4 සඳහාම ලංකා වෝල් ටයිල්ස් සමූහය මෙම සම්මානය දිනා ඇත.
ලංකා වෝල් ටයිල්ස් පීඑල්සී සහ ලංකා ටයිල්ස් පීඑල්සී වසර තිස් පහකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෝල් ටයිල් සහ ෆ්ලෝ ටයිල් නිෂ්පාදකයන් සහ අපනයනකරුවන් ලෙස වෙළඳපොළ ප්‍රමුඛයා බවට පත් වී ඇත. ස්විස්ටෙක් සිලෝන් පීඑල්සී සහ ස්විස්ටෙක් ඇලුමිනියම් ලිමිටඩ් දශකයකට වැඩි කාලයක් මෙම ව්‍යාපාර සමූහයේ ප්‍රමුඛතම කොටස්කරුවන් වී ඇති අතර ඔවුන් තමන්ගේ ව්‍යාපාර ක්ෂේත්‍රවල ප්‍රධානතම තරගකරුවෙකු ලෙස ස්ථාපිත වී ඇත.
මෙම සම්මානය සම්බන්ධයෙන් ලංකා වෝල් ටයිල්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජයසේකර මහතා මෙසේ පැවසීය. “ලංකා වෝල් ටයිල්ස් සමූහය රැකියා කිරීමට විශිෂ්ට ස්ථානයක් ලෙස පිළිගැනීමට ලක්වීම ගැන අපි අතිශයින්ම සතුටට පත්වුණා. ලංකා වෝල් ටයිල්ස් දශක තුනකට අධික කාලයක් තිස්සේ කිසිවෙකුට සම කල නොහැකි ගුණාත්මක සහ ස්ථාවර නිෂ්පාදන පෙළක් සමඟ අඛණ්ඩව මහජනතාවට සේවය සලසයි. අප සමාගමේ දිගුකාලීන සාර්ථකත්වයට මුලුමනින්ම දායක වී ඇත්තේ අපගේ ශ්‍රම බලකාය සහ අපගේ සේවකයින්ට සලකන ආකාරය සහ අප සමාගමක් ලෙස වැඩ කරන ආකාරය පිළිබඳ අපගේ දැක්මයි.
-සටහන- චමින්ද මුණසිංහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලංකා ටෝලිටයිල්ස් සමූහය රැකියා කිරීමට වඩාත් සුදුසු ස්ථානයක් ලෙස GPTW සම්මානය දිනාගනී.