IMG-LOGO

ලංකා ගුවන්යානා හදිසි අනතුරු විමර්ශනයට කාර්යාංශයක්

(අංජුල මහික වීරරත්න)

 ශ්‍රී ලංකා ගුවන් යානා හදිසි අනතුරු විමර්ශනය කිරීමේ කාර්යාංශය (AAIBSL) ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2002 අංක 34 දරන ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පනතට අනුව, ශ්‍රී ලංකාවේ සීමාව ඇතුළත ගුවන් ගමන් අනතුරු සහ සිද්ධීන් පිළිබඳව විමර්ශනය කිරීමේ වගකීම එම අධිකාරිය වෙත පැවරී ඇත. 

එහෙත්, 2010 වර්ෂයේ දී පවත්වන ලද ජාත්‍යන්තර ගුවන් සේවා සංවිධානයේ (ICAO) නිරුපද්‍රිතා අධීක්ෂණ විගණනයක දී ගුවන් යානා හදිසි අනතුරු සහ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා ස්වාධීන ක්‍රියාවලියක් නොමැති වීම පිළිබඳව කරුණු අනාවරණ කර තිබේ.

ඒ අනුව, ස්වාධීන ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් යානා හදිසි අනතුරු විමර්ශනය කිරීමේ කාර්යංශයක් පිහිටුවීම පිණිස 2016 වර්ෂයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති අතර, මේ වන විට ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇත. එකී පනත් කෙටුම්පත සඳහා තවදුරටත් විධිවිධාන කිහිපයක් හඳුන්වාදිය යුතු බවට අදාළ පාර්ශ්වයන් විසින් පෙන්වා දී තිබේ. 

ඒ අනුව, එකී විධිවිධානද ඇතුළත් කරමින් අදාළ පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

 



අදහස් (3)

ලංකා ගුවන්යානා හදිසි අනතුරු විමර්ශනයට කාර්යාංශයක්

PGPTHILAK Tuesday, 17 June 2025 06:35 PM

සිවිල් ගුවන්සේවා අධිකාරිය තියෙන්නේ ඕවා කරන්න තමයි!! තවත් ආයතන පිහිටුවලා නිලධාරීන් පත්කරලා ලක්ෂ ගනන් පඩි දීමනා වාහන ආදිය දීලා රටේ ආර්ථිකය තව තවත් දුර්වල වීම හැර කිසිවක් වෙන්නේ නෑ...!

:       5       3

KelumWednesday, 18 June 2025 07:56 AM

ICAO අනුව මෙය , සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ද ස්වාධීන වූ ආයතනයක් විය යුතුයි.(ICAO recommendations - Annexure 13 )

:       0       4

පිටිගල මිලානෝ Wednesday, 18 June 2025 10:06 AM

එයාර් ඇක්සිඩන්ට් ඇන්ඩ් සේෆ්ටි බෝර්ඩ් ලෙස අනුඛණ්ඩයක් සිවිල් ඒවියේෂන් එකේම පිහිටෙව්වා නම් ඉවරනේ…. ගිය වසරේ ලංඩන් සිට කොළඹ බලා පියාසර කල යූ එල්506 ශ්‍රීලාංකන් ගුවන්යානයට තුර්කි අහසේදී අඩි පන්දහසක් පහලින් වෙනත් ගුවන් පථයකට යොමුකර අපේ පයිලට්ලාගේ දක්ෂතාවය නිසාම බ්‍රිටිෂ් එයාර්වේස් බී777 යානයක ගැටෙන්න තිබුන අවස්ථාව මගහැරුණා. මේ පරීක්ෂණයට මොකද වුනේ…? අපේ ඒ330-300 යානයේ රේඩාර් වල දිස්වුනා එම මාර්ගයේ ඉහත බ්‍රිතාන්‍ය ගුවන්යානය පසුපසින් ආසන්නවම එන බව.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 125 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 400 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site