IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලෝක ගම්මිරිස් සමුළුව ලංකාවේ

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර ගම්මිරිස් ප්‍රජාව විසින් වාර්ෂිකව  පවත්වන අන්තර්ජාතික සමුළුව 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ලෝකයේ ගම්මිරිස් නිෂ්පාදනය කරනු ලබන ප්‍රධාන රටවල් එක්ව 1972 වර්ෂයේදී ආසියා සහ පැසිෆික්  කලාපයන්හි එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම යටතේ ජාත්‍යන්තර ගම්මිරිත් ප්‍රජාව නැමැති අන්තර්ජාතික සංවිධානය පිහිටුවා ගෙන ඇත.

මෙම සංවිධානයේ ප්‍රධාන සහ ස්ථිර සාමාජික රටවල් ලෙස ශ්‍රී ලංකාව ,ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව සහ වියට්නාමය කටයුතු කරනු ලබයි.

ගම්මිරිස් නිෂ්පාදනය හා සම්බන්ධ තාක්ෂණික හා ආර්ථික පර්යේෂණ ප්‍රතිඵල සාමාජික රටවල් අතර හුවමාරු කර ගැනීම සාම්ප්‍රදායික හා නව වෙළඳපොළ සඳහා වැඩසටහන් සකස් කිරීම හා ප්‍රවර්ධනය කිරීම,අන්තර්ජාතික වෙළදාම තුළ තීරු බදු හා තීරු බදු නොවන බාධක ලිහිල් කිරීම සඳහා සහයෝගීතාව ඇති කරගැනීම යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එකඟතාවයන්ට පැමිණීමේ අරමුණි ජාත්‍යන්තර ගම්මිරිස් ප්‍රජාවේ 52 වන අන්තර්ජාතික සමුළුව මේ වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත



අදහස් (3)

ලෝක ගම්මිරිස් සමුළුව ලංකාවේ

ravin Tuesday, 26 March 2024 02:22 PM

අනේ මන්දා. පහුගිය දවස්වල ගම්මිරිස්වලට දිලීර රෝගයක් කියලා ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් දැක්කා.

:       1       1

chandima Tuesday, 26 March 2024 05:24 PM

සමුළුව ඉවර වුණාම අපේ අය ලංකාවේ හොඳම ගම්මිරිස් මෙව්වා තමයි කියලා ඵල දෙක ගානේ ඒ එන කට්ටියට දීලත් යවයි. අවුරුදු දෙක තුනකින් අය එහෙ හැදෙන ලංකාවේ ගම්මිරිස් විකුණයි... වෙන මොනවා වෙන්නද?

:       0       0

Bamunuarachchi Tuesday, 26 March 2024 06:54 PM

අපේ ගම්මිරිස් කර්මාන්තය විනාශ කලේ හම්බසෙට් එක...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site