IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලෝක කුසලානයේ නායකත්වයත් දසුන්ට

(යොහාන් භාසුර)

ඉන්දියාවේදී ලබන ඔක්තෝබර් මස ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද දසුන් ශානක නායකයා ලෙස පත්කිරීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා පිලේ අසාර්ථකත්වය හේතුවෙන් දසුන් නායකත්වයෙන් ඉවත් කර නව නායකයෙක් පත්කිරමට පසුගිය දින තුන තුළ දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්විණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසුවේ දීර්ඝ සාකච්ඡාවකින් පසුව තව දුරටත් දසුන් නායකත්වයෙ තබාගැනීමට තීරණය කළ බවයි.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන දසුන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර තිබේ.

 



අදහස් (8)

ලෝක කුසලානයේ නායකත්වයත් දසුන්ට

fairoos Wednesday, 20 September 2023 04:52 PM

ටොස් විතරයි පුළුවන්... බැටින්, බෝලින්, ෆීල්ඩින් තුනම බැහැ.

:       39       21

de silva Wednesday, 20 September 2023 04:59 PM

එහෙනම් ඒකටත් දෙවියන්ගේම පිහිටයි.

:       34       22

upali de silva Wednesday, 20 September 2023 05:57 PM

නියමයි, දස්සා.. ටීම් එක එකතු කර ජයගේන ඔබට සුබ පැතුම්..!

:       12       31

Dinesh Wednesday, 20 September 2023 06:16 PM

සුබපැතුම් දසුන්...!

:       10       23

Sikada Wednesday, 20 September 2023 07:26 PM

ක්‍රිකට් වලට ආදරය කරන අය රටටත් ආදරෙයි. හැබැයි ක්‍රිකට් ගහන අය සහ නිලධාරීන් හිතන්නේ ඔවුන් ගැන විතරයි. රට පාවා දීලා හරි සල්ලි හොයන එක තමයි එකම අරමුණ... දසුන් කියන්නේත් ඒ ගොඩේම ඉන්න කෙනෙක් විතරයි. ඔය ටීම් එකේ කවුරු කැප්ටන් වුණත් එකයි. නම විතරයි වෙනස් වෙන්නේ...!

:       16       9

Ranjith Thursday, 21 September 2023 10:37 AM

සංගක්කාරගෙන් පස්සේ දෙවැනි ප්‍රතිශතය තියෙන්නේ දසුන්ට .කල්ලිවාදය නැති .ටීම් එක එකට ගොනු කරලා ගන්න පුළුවන් කෙනාට .හොඳ නායකත්වයක් පෙන්නාන්න පුළුවන් කෙනා තමයි සුදුසු .හොඳම දේ තමයි අපිට කරපුදේට ඉන්දියා ටීම් එකට ගහන්න .ෆයිනල් එන්න.තම රට වෙනුවෙන් අප්‍රතිහත දයිර්යයෙන් කටයුතු කරන්න

:       1       3

Sam Thursday, 21 September 2023 11:29 AM

එය වෙනත් රටක් නම්, දක්‍ෂතා හොඳ නැති විට ක්‍රීඩකයන්ම ඉවත් වේ. ශ්‍රී ලංකාවේ, අනෙක් සෑම අංශයකම මෙන්, ඔවුන් ප්‍රමාණවත් නොවන බව කිසිවෙකු පිළි නොගෙන, අඩු වී දක්ෂ පුද්ගලයින්ට අවස්ථාව ලබා දෙයි. හැමෝම හිතන්නේ මම හොඳම කෙනා කියලයි.

:       0       2

R.M. Dharmasena Friday, 22 September 2023 06:36 PM

මම හිතන්නේ ඒක හොඳ තීරණයක්...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 282 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site