IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ලොකු කුඩු නඩුවක් යළි විභාගයට

(මනෝප්‍රිය ගුණසේකර)

හෙරොයින් කිලෝ 196.8ක් සමග උතුරු මුහුදේදී ජාවාරම් කළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනා වලින් ධීවරයන් පස්දෙනකු නිදොස් කොට නිදහස් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීන්දුව බලරහිත කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුව යළි මුල සිට විභාග කිරීමට මහාධිකරණයට අද නියෝග කළේය.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් දුන් තීන්දුවක් බලරහිත කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා ගොනු කළ අභියාචන පෙත්සමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය එසේ නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.තුරේරාජා, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පැවැති පෙත්සම් විභාගයෙන් අනතුරව එලෙස නියෝග කළේය.

හෙරොයින් කිලෝ 196.8ක් සමග උතුරු මුහුදේදී ජාවාරම් කළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනාවලින් ධීවරයන් වන ආරච්චිගේ අනුර චමින්ද අප්පුහාමි, යක්දෙහිආරච්චිගේ ලසන්ත ප්‍රියලාල් අප්පුහාමි හෙවත් යක්ක ආරච්චිගේ ලසන්ත ප්‍රියලාල්, තවරාසා සුදාකරන්, අග්ලෙසපිල්ලේ තවරාසා සහ කන්දයියා චන්ද්‍රකුමාර නමැත්තන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පැවැති නඩු විභාගයෙන් අනතුරුව විනිසුරු මඩුල්ල ඔවුන් සියලු දෙනාම නිදොස් කර නිදහස් කෙරිණී.

 



අදහස් (3)

ලොකු කුඩු නඩුවක් යළි විභාගයට

prasanna Monday, 09 June 2025 04:11 PM

රටේ පරිපාලනය මොන්ටිසෝරි තත්වයට වැටිලා තියෙන්නේ

:       14       6

සෙනෙවිරත්න Monday, 09 June 2025 07:40 PM

අනේ හැකිනම් කෙනෙක් මේ ප්‍රසන්න කියන අයට මොළය දෙන්න.

:       0       0

සෙනෙවිරත්න Monday, 09 June 2025 07:42 PM

මොන්ටිසොරි බබාලගෙ කාලෙ තමයි කුඩු කිලෝ 198ක් ගෙනාපු උන් නිදහස් කරල තියෙන්නෙ. රටේ පරිපාලනය යථාවත් වීම නිසා තමයි මේව ආයෙම උඩට එන්නෙ. ඉඳුල් කාපු උන්ට රිදෙන එක සාධාරණයි. තව රිදෙයි කරන්න දෙයක් නැහැ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31347 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13565 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 965 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site