IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලංකා -ඉන්දියා ගොඩබිම් පාරේ එක වැඩක් අවසන්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීම සඳහා වන පූර්ව ශක්‍යතා අධ්‍යයනය මේ වන විට සිදු කර අවසන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය .

එහි සම්පූර්ණ ශක්‍යතා අධ්‍යයනය ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවද  ජනාධිපතිවරයා සඳහන් කළේය. 

අතිරික්ත පුනර්ජනනීය බලශක්තිය ඉන්දියාවට අලෙවි කිරීම සඳහා සාකච්ඡා කරමින් පවතින් බවත්,  ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි රැහැන් සම්බන්ධතාවයක් ඇති කිරීම පිළිබඳ මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරමින් පවතින බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී සිදුවන ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ දී ඒ  පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

මන්නාරමේ සංචාරයක නිරත වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (10)

ලංකා -ඉන්දියා ගොඩබිම් පාරේ එක වැඩක් අවසන්

Nimal 1 Sunday, 16 June 2024 02:53 PM

හරිම ලොකු වැඩක්නේ කරලා තියෙන්නේ...

:       23       156

ගමේ එකාලා Sunday, 16 June 2024 03:09 PM

කල්ලතෝනින්ට, ගංජා කාරයින්ට ලෙහෙසියෙන්ම එන්න බැරියෑ...!

:       21       132

Lalla Monday, 17 June 2024 12:42 AM

ඉන්දියාව ලොව පස්වන ආර්ථිකය. හයවන කාර්මික රාජ්‍ය. අනාගතයේ කල්ලතෝනි යතොත් ලංකාවේ සිට ඉන්දියාවට රැකියාවලට...

:       1       7

විජිත් Sunday, 16 June 2024 04:04 PM

ඡන්දයෙන් පත්වන"ඇත්ත" විධායක ජනාධිපතිවරයෙක් තීරණය කරයි මේ ප්‍රොජෙක්ට් එක කරනවාද නැතිද යන වග... ඒ සමගම කවුරුන්හෝ මිට විරුද්ධව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළයුතුයි. මහජන ඡන්දයක්වත් නැති නිකම්ම නිකමෙක් ජනාධිපති ලේබල් එක ගහගෙන එයාගේ ඉන්දියාවේ නෑදෑයින් මෙහෙට ගෙනෙන්න ගහන ප්ලෑන් එකෙන් මේ රටේ භෞමික අඛණ්ඩතාවය නැතිවෙන බව තේරුම්ගන්න තරම් හොඳ මානසික තත්වයක් නැත.

:       25       119

Prabha Sunday, 16 June 2024 04:28 PM

පරදින එක දන්න හින්දා තියෙන උගුල් ඔක්කොම අටවලා යන්න වගේ හදන්නේ...! 

:       14       103

Ruwan De Silva Sunday, 16 June 2024 06:15 PM

මෝදිට ඡන්දය ගන්න බොරුවට කිව්වා කච්චතිව් ඉන්දියාවට ගන්නවා කියලා, දකුණු ඉන්දියාවම BJP එක පරාදයි. ඒ වගේ තමයි ලංකාවේත් ඡන්ද ගුණ්ඩු විතරයි. හොඳයි නම් රටට දෙයක් කළා රනිල්-මහින්ද-මෛත්‍රී-චන්ද්‍රකා කරපු දෙයක් නෑ... කෑවා විතරයි..!

:       13       26

රංබොඩ Sunday, 16 June 2024 06:44 PM

මෙවැනි අමනෝඤ්ඤ ක්‍රියා වචන වලින් පමණක් නතර වේවා යැයි රටට පණ මෙන් ආදරය කරන සැවොම පැතිය යුතුයි. මොවුන් භයානක ප්‍රශ්න අටවා ඔවුන්ගේ පැවැත්ම සඳහා ඒවා භාවිතා කර නික්ම යනු ඇත. ප්‍රශ්නය සදාකාලිකව රටට අයහපත ගෙනේ...!

:       6       62

chandima Monday, 17 June 2024 04:15 AM

ළමයෙක් නැති එකාට රටක් වැඩක් තියනවද ?හෙන ගහපිය කියලා රටම අනුන්ට දීලා යන්න හදන්නේ ?මෙයා දිගටම උන්නොත් අපිට අපේ මිනිය වලලන්න වෙන්නෙත් ඉන්දියාවට ගානක් ගෙවලා

:       4       2

Perera Monday, 17 June 2024 05:57 AM

දැන් එතකොට ඔය පාරේ අපිට ඉන්දියාවට යන්න ලැබෙන්නේ කවද්ද ?2048 ද ?

:       4       1

Kazi Shajahan Monday, 17 June 2024 01:34 PM

ස්වභාවධර්මය අපිට දීලා තියෙන විදිහ වෙනස් කරන්න එපා. රනිල් තව ටික දවසකින් යයි.. අපේ දූදරුවන් කිසිම කරදරයක් නැතිව මේ රටේ ඉන්න ඕනේ.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site