
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ග්‍රැෆයිට්, පොස්පේට් හා ඛණිජ වැලි කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා ඉන්දුනීසියා රජය හා ශ්‍රී ලංකා රජය අතර ඒකාබද්ධ සෘජු ආයෝජනයන් (G2G) සිදුකිරීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි Dewi Gustina Tobing මහත්මිය කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරුණු බව ද හඳුන්නෙත්ති මහතා කීය.
නැවත ආරෝපනය කළ හැකි විද්‍යුත් බැටරි (Re – Charge Battery) නිෂ්පාදනයට යොදාගන්නා ග්‍රැෆයිට් ලබා ගැනීම පිළිබඳව ඉන්දුනීසියානු තානාපතිනිය ශ්‍රී ලංකා රජයේ සහයෝගය ඉල්ලා සිටි අතර රජයන් දෙක අතර ඒකාබද්ධ සෘජු ආයෝජන අවස්ථා තව දුරටත් පුළුල් කරමින් ඒ සඳහා සහාය දීමට කටයුතු කරන බව අමාත්‍ය හඳුන්නෙත්ති මහතා පැවසීය.
දෙරටටම වාසිදායක වන අයුරින් මැණික් හා ස්වර්ණාභරණ, ඛණිජ වැලි, පොස්පේට්, දුඔුරු සීනි, බතික්, රෙදි පිළි, ඇලුමිනියම්, යකඩ හා සේවා කර්මාන්ත ඇතුලත් නිදහස් වෙළෙඳ ගිවිසුමකට හෝ අවබෝධතා ගිවිසුමකට එළඹීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කරන ලද අතර දෙරට අතර සංචාරක හා කෘෂි තාක්ෂණික හුවමාරුවන් සිදුකිරීමට ඇති හැකියාවන් පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව අමාත්‍යවරයා කීය.
2025 නොවැම්බර් මස 04
544
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංකා - ඉන්දුනීසියා ඒකාබද්ධ සෘජු ආයෝජන අරඹන්න යයි