(සුජිත් හේවාජුලිගේ )
විදුලි මිල ඉහළ යෑමත් සමග බොහෝ ආයතන පවත්වාගෙන යෑමට නොහැකිවීම නිසා සේවක සේවිකාවන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් මහපාරට වැටීමේ අවදානමක් මතුව ඇතැයි සේවක වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති.
විදුලි බිල ඉහළ යෑමත් සමග අසීමිත පාඩුවක් ලැබීම නිසා ආයතන රැසක් වැසීයාමේ තර්ජනයකට මුහුණදී සිටින බවද ඔවුහු සඳහන් කරති.
කොවිඩ් පැතිරීමත් සමඟ ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන්ද සේවකයෝ සහ විවිධ වෘත්තිකයෝ ලක්ෂ 5කට වැඩි පිරිසක් මහ පාරට වැටුණහ.
විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයෙහි හෝටල් අවන්හල් සහ විලා නිකේතන වැසී යාමේ තර්ජනයට මුහුණදී ඇති ප්‍රධාන ස්ථාන බව ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ උප සභාපති ප්‍රියන්ත තිලකරත්න මහතා පැවසීය.
ආර්ථික අර්බුදය හේතුවෙන් රට පුරා තරු පහේ හෝටල්,විලා,ගෙස්ට් හවුස් ඇතුළු සංචාරක නිකේතන දස දහසකට වැඩි සංඛ්‍යාවක් දැනටමත් වැසී ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.
හෝටල් පවත්වාගෙන යෑම සඳහා විදුලි බිලට සහනයක් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත. රජය සූර්ය පැනල (සෝලා )වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා හෝටල් වහල සැපයීමට සූදානම් බවද එම සංගම් නියෝජිතයෝ පවසති.
ආර්ථික ගැටලු හේතුවෙන් ඇතැම් ආයතන සිය සේවකයන් ඉවත් කිරීමට සහ අඩු කිරීමට විවිධ වැඩසටහන් දැනටමත් හඳුන්වාදී ඇත.
මේ අතර ජීවන වියදම වැඩිවීම හේතුවෙන් ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් විදේශ රැකියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බවත් 2020 වසරේ පමණක් ශ්‍රමිකයන් 53,711 දෙනකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවත් කම්කරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
විදේශගතවූ ශ්‍රමිකයන් සංඛ්‍යාව පසුගිය 2021 වසරේදී එක්ලක්ෂ විසි එක් දහස් හත් සිය අනූ පහක් දක්වා වැඩිවී ඇත.
COMMENTS
මොනවා උනත් ආගමික ස්ථාන වලට නම් විදුලි ගාස්තු සහනය දෙන්න එපා.. !!!
කිසිම කෙනෙක්ට සහන දෙන්න එපා. මිනිස්සු මහන්සි වෙලා වැඩ කරන්න ඕනි. ජොබ් නැත්නම් ගෙදර ගිහින් වගා කරන්න. අද මිරිස් කිලෝ එකක් 800 ක්. ජොබ් නෑ කියලා නිකම් කන්න දෙනකම් බලන් ඉන්න කාලේ ඉවර කරන්න ඕනි.
හොඳම විසදුම සංචාරක හෝටල් වල වහල මත සවි කිරිමට පොලී රහිත මාස්පතා ගෙවීමේ ක්‍රමයට සූර්ය පැන ලබා දීම සහ සංචාරකයන් ලංකාවට ගෙන්වා ගැනීම දිරිමත් කරන්න සංචාරකයන්ගේ ගමනා ගමනයට අවශය ඉන්ධන සඳහා QR කේතයක් ගුවන්තොටුපෙළදීම ලබා දීමේ ක්‍රමයක් වහා ස්ථාපිත කොට ඒ පිළිබදව විදේශ රටවල ප්‍රචාරයක් ලබා දීමයි. විදේශ රටවල බොහෝ දෙනෙක් සිතා ඉන්නේ ලංකාවේ තවමත් දවසන් ගණන් දිග තෙල් පෝලිම් තිබෙනවා කියලා. රටට විදේශ මුදල් ලබා ගන්න රැකියා බේරා ගන්න අවශ්‍ය නම් මෙම ක්‍රියාමාර්ග වහාම ගන්න ඕනි. මේවා ජනවාරි පෙබරවාරි වල ක්‍රියාත්මක කරලා වැඩික් නැහැ. රටට හැර ගල්ෆ් කලාපයට යන හෝටල් ක්ෂේත්‍රයේ ශ්‍රමිකයෝ විදේශ මුදල් බොහෝ විට ලංකාවට ප්‍රේශනය කරන්නේ නැහැ. ඔවුන් බලන්නෙ එම මුදල් යොදවලා රුමේනියාව හෝ ඉතාලිය හරහා යුරෝපයට ඇතුල් වෙලා එහේ ස්ථාවර වෙන්න.
මට පුදුම ඇයි කිසිම කෙනෙක් නිෂ්පාධනයට යොමු නොවන්නේ කියලා.
පුද්ගලික අංශයේ එහෙම වුනාට ගෝඨාභය රැකියා දුන්නු ලක්ෂෙ කණ්ඩායම් සතියේ දිනවල ක්‍රිකට් මැච් තියෙන්නෙ ආයතන වල ඉහළම නිළධාරින් ප්‍රේක්ෂකයන් කරගෙන කියලා අහන්න ලැබුනා (කරන්න වැඩක් නැහැ වැඩට ගියාම පඩි ලැබෙනවා ක්‍රිකට් ගැහුවත් එහෙමයි ) රජයේ කාර්‍යාල පාලුවට ගියත් රාජ්‍ය සේවයේ වැඩ එහෙමයි.
බොහෝ සංචාරක හෝටල් අලුත්වැඩියා කරගැනීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය සහ අමතර කොටස් ආනයනය තහනම් නිසා හෝටල් නැවත ආරම්භ කරගන්න බැරි ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙනවා. මේවාට අවශය ඩොලර් හිතවත් විදේශිකයන්ගේ මර්ගයෙන් ගෙන්වාගන්න පුළුවන් නමුත් විවිධ ආනයන සීමා නිසා මේවා කරගන්න බැහැ.
මේවා තේරුම් ගන්න තරම් රටේ උගතුන් බිහිවේවා... කරුමෙ කියන්නේ මොනවා වුණත් ජයවේවා කියන ජාතියක් සිටීමයි...