IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ලක්ෂ13 ක කසිප්පු සමඟ අයෙක් දැලේ

(ලක්මි කුඩලිගම)

බුලත්සිංහල උඩුගලකන්ද ප්‍රදේශයේ කඳු මුදුනේ විශාල ගල්තලාවක රහසිගතව වසර අටක් තිස්සේ පවත්වාගෙන ගිය මහා පරිමාන කසිප්පු තිප්පොලක් වටලා රුපියල් ලක්ෂ 13 ක පමණ කසිප්පු සහ ගෝඩා බැරල් ඇතුළු උපකරණ තොගයක් සමග එක් පුද්ගලයෙකු අද (9) අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.

බුලත්සිංහල පොලිසිය බුද්ධි අංශයට ලද තොරතුරක් මත උඩුගලකන්ද මුදුනේ විශාල ගල්තලාවක් මත මෙම කසිප්පු ස්කාගාරය පවත්වා ප්‍රදේශ  රැසකට රහසිගතව වසර අටක්⁣ තිස්සේ කසිප්පු බෙදා හැර ඇතැයි පොලිසිය පැවසීය.

අත්අඩංගුවට පත් ප්‍රධාන  ජවාරම්කරු කාලයක් තිස්සේ  පොලිසියට කට්ටි පනිමින් සිටි අයෙකු බවද පොලිසියපැසීය.

බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විදානගේ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂකවරුන් වන අනුර වල්පොල, උපාලි රංජිත්, පො.සැ.අශෝක, සුනිල් සහ චන්ද්‍රසිරි සමග පො.කො (32780) ඉසුරු ඇතුළු  පොලිස් නිලධාරින් හා බුද්ධි අංශ නිලධාරින් පිරිසක් මෙම වැටලීම සිදුකර තිබේ.

 

 



අදහස් (0)

ලක්ෂ13 ක කසිප්පු සමඟ අයෙක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 594 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site