
(යොහාන් භාසුර)
රුපියල් ලක්ෂ 90 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගත් බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සිවලී අරුක්ගොඩ මහතා පැවසීය.
එහිදී පාර්සල් තුළ එක්ටසි නැමැති මෙතන්පිටමයින් අඩංගු මත්පෙති 150 ක් කුෂ් ගංජා විශේෂය ග්‍රෑම් 466g සහ කොකේන් ග්‍රෑම් 10 ක් සොයා ගත් බවත් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ කළ ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගු වේ යයි සැක පිට පාර්සල් 10 පරීක්ෂණ කටයුතු සඳහා නවතා ගත් බවත් ඒ මහතා කීය.
මෙම පාර්සල් කැනඩාව, එංගලන්තය සහා නෙදර්ලන්තය සිට දෙහිවල, වැල්ලවත්ත ,වේයන්ගොඩ, අනුරාධපුර යන ප්‍රදේශ වල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබූ බව කී ඒ මහතා ඒවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු කර ගත් බව ද සඳහන් කළේ.
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කළ මෙම මෙහෙයුමට තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ද ලැබී තිබුණු බවත් පරීක්ෂණ කටයුතු අවසානයේ මෙම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිත බවත් රේගු මාතෘ ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd