IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලක්ෂ 10 ක කුඩුත් එක්ක තරුණයෙක් මාට්ටු

(බී.ජී.චතුරංග)

රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග විශ්‍රාමික දුම්රිය නිලධාරිනියකගේ අවිවාහක පුත්‍රයා  පෙරේදා (10 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ  විමර්ශන අංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ  අනුරාධපුර ජයන්ති මාවතේ දුම්රිය නිවාසයක පදිංචි ව සිටි 26 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

ගම්පහ ප්‍රදේශයේ සිට දිවයින පුරා මත් කුඩු බෙදා හරිනු ලබන දිවයිනේ නම ගිය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ, අනුරාධපුර බෙදුම්කරු ලෙස සැකකරු කටයුතු කරමින් සිට ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙම සැකකරුගේ මවට ගම්පහ ප්‍රදේශයේ  නිවසක් ඇති බවත් ඔවුන් දෙදෙනා වරින්වර අනුරාධපුර දුම්රිය නිවසේ සහ ගම්පහ නිවසේ පදිංචිව සිටින බවද පොලිසිය කියයි.

ගැණුම්කරුවෙකු හට හෙරොයින් මත්කුඩු මාර්ගයේ අසල ස්ථානයක සැඟවීමට යෑමේදී අනුරාධපුර තුන්වන පියවර ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගත් බවත් එම අවස්ථාවේදී සැකකරු සතුව හෙරොයින් ග්‍රෑම් 25 යි මිලි ග්‍රෑම්  930 ක ප්‍රමාණයක් තිබී හමුවූ බව ද  පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට පත්වූ සැකකරු අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. 

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත පුෂ්පකුමාර, සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම  යන මහත්වරුන් ගේ  උපදෙස් මත අනුරාධපුර කොට්ඨාශ  අපරාධ අංශයේ ස්ථානාධිපති  ප්‍ර. පො. පරීක්ෂක බණ්ඩාර විජේකෝන් මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක සිසිර කුමාර, පො.සැ. බණ්ඩාර (48317), පො.සැ. නිශාන්(61406), පො.කො.රාජරත්න (66934) යන නිලධාරීහු මෙම වැටලීම  සිදු කර සැකකරු අත්අඩංගුවට ගත්හ.



අදහස් (0)

ලක්ෂ 10 ක කුඩුත් එක්ක තරුණයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site