IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා

(සුජිත් හේවාජුලිගේ )

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව 53,25,108 ක පමණ පිරිසක් මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශකර නොමැති බව පැවසේ.

එසේම මෙවර මැතිවරණයේදී ඡන්ද හය ලක්ෂ හැට හත්දහස්  දෙසිය හතළිහක්  ( සියයට 5.65)  ඡන්දය ප්‍රතික්ෂේප වී  ඇතැයි  එම ආරංචි මාර්ග පවසයි.

මෙවර මහ මැතිවරණය සඳහා ඡන්ද දායකයෝ 1,71,40,354 ක් ලියාපදිංචි වී සිටියහ.

ඉන් ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 1,18,15,246කි.

වලංගු ඡන්ද සංඛ්‍යාව  1,11,48,006  ක් බව සඳහන්වේ.



අදහස් (14)

ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා

Muditha Saturday, 16 November 2024 02:18 PM

අපේ රටේ හැමදාමත් වුනේ පැති වලට බෙදිලා දේශපාලනය කරන එක. තමන්ගේ පැත්තට ඡන්දය නොදුන් අය බූරුවෝ ගානට දන එක. දැනුත් එහෙමයි. මේකෙන් කියන්නේ පාලන පක්ෂයට ලැබුණු ඡන්ද වලට වඩා ගණනක් එළියේ තියනවා කියන එක. හරියට වැඩේ කරන්න ඕනේ නන් හෙමිහිට ඒ ගොල්ලෝ දිනා ගන්න වෙනවා... වැඩ කරලා... නම් කියලා ඔවුන්ව දෙකේ කොලේට දාලා නොවෙයි...

:       0       73

Chethana Saturday, 16 November 2024 02:31 PM

ප්‍රතික්ෂේප වුණා කියන්නේත් හොරට දමාවි කියලා අවලංගු කරන්න කටයුතු කරපුවා කියලා හිතෙනවා. එහෙනම් ලියාපදිංචි ඡන්ද දායකයින් තුනෙන් එකක් පමණ ගියා නම් ඉතිරි තුනෙන් දෙකෙන් නේද? මොන පක්ෂයේ වුණත් ආණ්ඩුව පත්වෙන්නේ...!

:       0       40

Lalla Saturday, 16 November 2024 03:10 PM

රනිල් සීයා සහ ඉංග්ලිශ්මන් සජිත් වගකියන්න ඕනෑ නේද? මොවුන්ගේ බල තන්හාව ලංකාවේ දක්ෂිණාංශික ඡන්ද පදනම විනාශ කර දැම්මා නේද? ඒක භයානක ව්‍යවසන තත්ත්වයක්...

:       4       80

Dhananjani Saturday, 16 November 2024 05:27 PM

රනිල් පරදවා සජිත් සැලුන් දොරෙන් ආපු අයට රැවටී වෙනම අටමගලයක් හරහා ජනාධිපති වෙන්න ගියා... රනිල්ට පොහොට්ටුවේ හිටපු එජාපය විනාශකළ අයට නටන්න දීලා පාක්ෂිකයින් නන්නත්තාර කළා... අපි දන්න බොහෝමයක් දෙනා ඒ හේතුකොට ඡන්දය දීම ප්‍රතිකේෂ්ප කළා... නැත්නම් කටුගා දැම්මා... දැන් පක්ෂයේ නියෝජ්‍ය නායකයා හැටියට මස්සිනා පත්කර තිබුණා වුණත් ඔහු දක්ෂයෙක් නොවෙයි කියන්නේ ධනරිනගේ ආසනයේ බලවත් අසාධාරයක් වූ හැමදාම රනිල්ට කැමැත්තෙන් සිටි අනුගාමික කෙනෙකුගේ ඉල්ලීම ගැන රනිල් ජනාධිපතිගේම කාලයේ නොසලකා කටයුතු කිරීම නිසා තමයි. කෙනෙක් පිළිසරණක් අපේක්ෂාවෙන් ආවොත් එය පසු විපරම් කරමින් සොයාබැලීම සාර්ථක නායකයෙක්ගේ ලක්ෂණයක් කියලා අපි දන්නවා වුණත් ඔහු දන්නේ නැහැ කියලා පේනවා... ඉතින් කොහොමද ජයග්‍රහණයක් ලබන්නේ. දැන් ඉතින් තවත් අවුරුදු විස්සක් තිහක් ඔහොම්ම යන්කෝ...!

:       0       5

සිල්වා Saturday, 16 November 2024 04:24 PM

ඡන්දය ප්‍රකාශ නොකර සිටින අය ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂ කෙරෙහි විශ්වාස නොකරන පිරිසක් විය හැකිය. කියන බොරුවලට නොරැවටෙන පිරිසක්. මෙවැනි පිරිසකට තම මතය ප්‍රකාශ කරන්න ක්‍රමයක් සකස්කල යුතුය.

:       0       27

මහින්ද Saturday, 16 November 2024 04:53 PM

ලෝකෙ පුරා විසිරී සිටින අය ගැන සංගණනයක් කළොත් හරියටම ඡන්දය ප්‍රකාශ කළ ප්‍රමාණය දැනගන්න පුළුවන්...!

:       0       11

Lakshika Alwis Saturday, 16 November 2024 06:05 PM

අඩුවෙන මනාප ගැහුවේත් මේක ගොඩක් අය දේශපාලන පාටියකට විතරයි. මනාප ගැහුවේ නෑ.

:       0       5

Buddhika Saturday, 16 November 2024 06:42 PM

මෙවර මැතිවරණය ගැන හරියටම ගණන් බැලුවොත් මෙතෙක් ආණ්ඩු පත්වුනු ආකාරයටම මෙවරත් ලියාපදිංචි ඡන්දවලින් ආණ්ඩුවට ලැබිලා තියෙන්නේ 40.041%, ක් පමණයි. 59.959% විරුද්ධව ඉන්නවා. එනිසා තමයි මෙතෙක් කාලයක් රටේ සංවර්ධනයක් නොවුනේ. එනිසා තමයි උණුත් එකයි, මුනුත් එකයි කියන්න ඇත්තේ. එනිසා නව රජය යටතේ සියළුම දෙනාට සමානව සේවයක් කර රටේ සංවර්ධනය කරාවි කියලා හිතෙනවා...!

:       0       9

Lakshika Alwis Saturday, 16 November 2024 06:54 PM

මනාප දීම නම් ගොඩක් අඩුවුණා. පක්ෂයකට විතරයි ගොඩක් මනාප දුන්නේ.

:       0       6

FreemanHAT Saturday, 16 November 2024 07:00 PM

තමන් ලබපු ජයග්‍රහණය සමරන අතර ඡන්දෙ නොදීමට හේතුව හොයලා ඒ අයවත් දිනාගන්න උත්සාහ කරන්න. මොකද ඒ ප්‍රතිශතයේ අගය අසාමාන්‍ය විදිහට වැඩියි. නැත්තං නියම ජනමතය නියෝජනය කරන්න අමාරුයි.

:       0       4

සම්පත් Saturday, 16 November 2024 07:36 PM

එක පොදියට රොත්ත පිටින් එක පක්ෂයකට ඡන්දේ දීම අළුත් දෙයක් නෙමෙයි. සිරිමා, මහින්ද, ගෝඨාභයත් ගත්තා. අළුත් දෙයක් වුනේ නෑ. හැබැයි ඉතින් එයාලා නම් මොනවා හරි කර ගත්තා. දැන් අවංක, දක්ෂ අය නෑ. අන්තිම කෙනා රනිල්. දැන් ඉන්න කවුරුත් එකයි. වංචනිකයි, අසාර්ථකයි. රටට දෙවි පිහිටයි.

:       12       18

Lasith Saturday, 16 November 2024 11:17 PM

මම ලංකාවෙන් එළියේ ඉන්න කෙනෙක්. හරියටම දන්නේ නැහැ ලංකාවේ තත්වය. මට දන්න කෙනෙක් කියනවද? මේ පාර පැපරල් සංවිධානය නිහඬ ඇයි කියලා...?

:       0       1

සෙනෙවිරත්න Sunday, 17 November 2024 11:51 AM

මේ කමන්ට් දාපු බහුතරයකට දැනෙන වේදනාව අපට දැනෙනවා. බමුණු කුලය විනාශවිමේ අඳෝනාව. මෙතැන කෙනෙකුට ගණනුත් බැහැ. ඡන්ද නොදීපු ගාන පාලක පක්ෂයට වඩා වැඩිය කියන්න තරම් කුහක. සමහරුන්ට රනිල් අවංකයිලු... මේ වෙනස තේරුම් ගන්න බැරි තරමට කුහකයි...

:       2       0

Hemantha Sunday, 17 November 2024 10:09 PM

සෙනෙවිරත්න ලොන්ඩරිය තවමත් වැඩ...!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 658 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site