
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු වූ අසල්වාසියකු ඇයගේ සිරුරට ගිනි තබා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලද කාන්තාව රෝහල් ගත කරනු ලැබ සිටි
සැකකරු නිවෙස තුළට රැගෙන ආ මන්නා පිහියක් සහ පැට්‍රල් අඩක් තිබෙන බෝතලයක් ද සිය බාරයට ගෙන ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් බරපතළ පිළිස්සීම් තුවාල ලබා ඇත්තේ 63 හැවිරිදි විවාහක කාන්තාවක බව ද පොලිසිය කියයි.
පිළිස්සුම් තුවාල ලද කාන්තාවගේ නිවෙස ආසන්නයේම පදිංචි සැකකරු ඔහුට අයත් නිවෙස සහ ඉඩම කලක සිට විකිණීම සඳහා උත්සහ දරා ඇති අතර මුල් දිනවල එය රුපියල් ලක්ෂ 60 ක මුදලකට විකුණන බව ප්‍රචාරය කර ඇතත් එම අවස්ථාවේදී ගැනුම්කරුවකු ඉදිරිපත් වී නැති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පසුකාලීනව ඔහු ප්‍රදේශයේ දියුණුවත් සමගම නිවෙස සහ ඉඩම රුපියල් ලක්ෂ 80 කට විකුණන බව පවසා විවිධ පාර්ශව අතර ප්‍රචාරය කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගැනුම්කරුවකු ඉදිරිපත් වී ඒ වෙනුවෙන් ඔහුට රුපියල් ලක්ෂ 3 ක අත්තිකාරම් මුදලක් ද මීට දින කීපයකට ඉහතදී ලබා දී ඇතැයි පොලිසිය කියයි.
මෙම ගැනුම්කරුට පිළිස්සුම් තුවාල ලද කාන්තාව එම ඉඩම ලක්ෂ හැටකට විකිණීමට තිබූ ඉඩමක් බව පැවැසීමෙන් අනතුරුව ගැනුම්කරු ඉඩම් හිමියා (සැකකරු) හමුවී පිළිසුම් තුවාල ලද කාන්තාව මෙම ඉඩම ලක්ෂ හැටකට විකිණීමට තිබූ ඉඩමක් බවට පැවැසූ බව පවසා තිබූ බව පොලිසිය කියයි.
අනතුරුව ගැනුම්කරු ඔහුට එම මුදලට ඉඩම අනවශ්‍ය බව පවසා ලබා දුන් අත්තිකාරම් මුදල් නැවත ඉල්ලා ඇතැයිද එම අවස්ථාවේදී ඉඩම් හිමි සැකකරු තමන්ට එම මුදල වියදම් වූ බවත් ඉඩම විකිණීමෙන් පසු මුදල් නැවත ලබාදිය හැකි බවත් එම පුද්ගලයා සමග පවසා තිබූ බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් දැඩි කෝපයට පත් ඉඩම් හිමිකරු ඊයේ (24) සවස මන්නා පිහියක් සහ පැට්‍රල් පිරවූ බෝතලයක් රැගෙන තාප්පයෙන් පැන කාන්තාවගේ නිවෙසට ඇතුළු වී ඇයගේ සිරුරට පැට්‍රල් විසිකර ගිනි තබා පලා ගොස් සිටි බව පොලිසිය කියයි.


2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
Janii Thursday, 25 April 2024 09:14 PM
අනේ මන්දා මේ ගෑණුත් ඔන නැති වැඩමයි කරන්නේ
Prabha Thursday, 25 April 2024 11:35 PM
දැන් ඉතින් සල්ලි වෙනුවට ගැනපන් කරූ
Bamunuarachchi Friday, 26 April 2024 03:47 AM
මේ ගැහැණි කරපු නොපනත් වැඩේට මගෙනුත් නම් සමාවක් නැහැ. අර මිනිහාගේ බිස්නස් එකට මේ ගැහැණි මොකටද හොම්බ දැම්මේ?
නලින් Friday, 26 April 2024 10:20 AM
අනුන්ගේ දේවල් වලට අනවශ්‍ය ලෙස මැදිහත් වුණාම පෙනවනේ වෙන දේවල් ගැනුන්ටත් ඔනේ නැති ... තක් නැ.
බාසුර Friday, 26 April 2024 10:48 AM
ගෑනු හැමෝම ඔහොමයි. අනුන්ගේ සමගිය විනාශ කරනවා එහෙම නැත්තම් අනුන්ට ලැබෙන්න තියෙන ලාභයක් නැති කරනවා. නැත්තම් අනුන් රවට්ටනවා.
රන්ගන Friday, 26 April 2024 10:51 AM
ගෑනු උතුම් කියන අස්වාභාවික දර්ශනය කාන්තාවාදිනියෝ තමයි පැතිරුවේ. ඒත් මොලේ තියෙන මිනිස්සු ඇත්ත දන්නවා.
manojFriday, 26 April 2024 07:42 PM
දෙන්නා ගැනම කණගාටුයි. තමුත් ගැන කණගාටු අඩුයි. කාට වුණත් ලක්ෂ ගානක පාඩුව දරා ගන්න බෑ..
Nihal Friday, 26 April 2024 11:35 AM
කතගේ දුෂ්ට ඊර්ෂ්‍යාව,ඕනෑම ප්‍රශ්නයක මුලටම ගියොත් ගෑණියෙක් ඇත. අහල පහල වැඩිපුරම සාමය නැති කරන්නේම ගැහැණු
Sunil Friday, 26 April 2024 02:17 PM
දැඩි දඬුවම් දිය යුතුයි.