
(අංජුල මහික වීරරත්න)
රටේ මූල්‍ය ස්ථාවරය ඇති කිරීම සඳහා බැංකු පද්ධතිය ශක්තිමත් කරමින් විධිමත් වැඩපිළිවෙළකට රජය අවතීරණය වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාව හිඟාකන රටක් බවට පත් කිරීමට තමන් කිසිලෙසක සූදානම් නොමැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකියන් ලෙස ස්ව උත්සාහයෙන් නැඟීසිටිය යුතු බවත් මෙවර අය වැයෙන් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හිටපු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 86 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමිනි.
ලලිත් ඇතුලත්මුදලි මහතාගේ සංකල්පය, ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉහළටම ඔසවා තැබීම බව කී ජනාධිපතිවරයා පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමට හැකි විශ්වවිද්‍යාලයක් ලලිත් ඇතුලත්මුදලි මහතා නමින් ඉදිරියේදී මෙරට ස්ථාපිත කිරීමට කටයුතු කරන බව පැවසීය.



2025 දෙසැම්බර් මස 18
101
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාව හිඟා කන රටක් කරන්න සූදානම් නෑ
Nihal Thursday, 24 November 2022 10:54 AM
ඒක වෙලා ඉවරයි.
ganegoda Thursday, 24 November 2022 11:04 AM
බැංකු ශක්තිමත් කිරීම බැංකු හොරුන්ම භාරගත්ත එක තමයි පුදුමේ.
Marsipala Thursday, 24 November 2022 11:10 AM
රවී කරුණානායක මහත්තයව කාලෙකින් දැක්කේ, රනිල් මහත්තයා ළඟටම වෙලා ඉන්න එක හොඳයි,
sena Thursday, 24 November 2022 11:21 AM
රට දැනටමත් හිඟාකනවා, ඔබතුමා ඒක තවම දන්නේ නැහැ.
sharm warn Thursday, 24 November 2022 11:23 AM
අනේ ඉතින් ලලිත් ඇතුලත්මුදලි මහත්තයා හිටියානම් මේ රට මොන තරම් දියුණු වෙන්න තිබුනද.?
Buddika Thursday, 24 November 2022 11:30 AM
අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. හිඟන රටක් කරලා ඉවරයි.
Kumara Thursday, 24 November 2022 11:40 AM
අමුතුවෙන් කරන්න දෙයක් තියෙනවද තව.?
පිටිගල මිලානෝ Thursday, 24 November 2022 12:46 PM
අන්න වසන්ත මුදලිගේ එනවෝ….. මාලදිවයිනට දුවපියෝ….
Kumara Thursday, 24 November 2022 12:48 PM
හිට්ලර්කාරයාව මේකා දැකලා තියනවද? හූ හූ හූ.. අනේ මිස්ටර් බීන්.
Hafeel Thursday, 24 November 2022 02:01 PM
දැනටමත් හිඟා කන රටක් තමයි. හැබැයි මෙහම හිඟා කන එක නවත්තන්න මෙයා ළඟ කිසිම වැඩ පිළිවලක්, හෝ සැලැස්මක් හෝ හැකියාවක් නැත. හැබැයි මෙයා ඩොලර් සොයනවා කියමින් ලාබ ලැබන රටේ සම්පත් ටික විකුනන්න නම් දන්නවා.
Rexi Thursday, 24 November 2022 02:16 PM
ලොකුම හොරෙක් ලඟ තියාගෙන කියන කතා. විහිළු නේද කරන්නේ? මහේන්ද්‍රන් මල්ලිත් හිටියනම් රජ හොරු 3 දෙනෙක්.
sunil Thursday, 24 November 2022 02:40 PM
දැනටමත් සිදුවෙලා ඉවරයි.
Perera Thursday, 24 November 2022 02:48 PM
ආයේ කරන්න දෙයක් නැහැ. දැනටමත් අපූරුවට ඔය හිඟා කන්නේ ලෝකෙ වටේ ගිහින්.
fairoos Thursday, 24 November 2022 03:15 PM
ලංකාව හිඟන රටක් වෙලා ඉවරයි. උබතුමා තවත් වලපල්ලට දාන්නෙනැතුව තොලොංචි වෙලා ගියානම් හොඳයි.
විජේ Thursday, 24 November 2022 04:36 PM
ලංකාවෙ එදා මෙදා තුර බිහිවෙච්ච කම්බම හොරෙක් දකුනු අතේ. බැරිද ඕකට කියලා ලෝක බැංකුව හොරාකන්න?
විජේ Thursday, 24 November 2022 04:38 PM
තමාව මංකොල්ලාකාපු, මරවපු එවුන්ම මෙහෙම කරද්දි ඇතුලත්මුදලි මහත්තයා කොහෙන් හිනාවෙනවා ඇතිද?