IMG-LOGO

‘‘ලංකාවේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමට ඕනෑම දෙයක් කරන්න සූදානම්‘‘

 (හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පාකිස්තානය සූදානම් යැයි මෙරට පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය ෂාහිඞ් අහමඞ් හෂ්මාත් අද (5) පස්වරුවේ පැවැසීය.

ශ්‍රී ලංකාව පාකිස්තානයට තවත් එක් පාර්ශ්වකරුවකු නොවන බවත් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සබඳතාව මිතුදහමකට එහාගිය සහෝදර බැඳීමක් තිබෙන බවත් ඔහු කීවේය.

පාකිස්තාන ආරක්ෂක දිනය වෙනුවෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති උත්සවයේ දී අදහස් දක්වමින් මහ කොමසාරිස්වරයා මේ බව කීවේය.

ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පාකිස්තානය සූදානම් බවත් හෙතෙම කීවේය.

මේ අතර ඉන්දු කාශ්මීර අර්බුදය ගැන සඳහන් කරමින් කාශ්මීර අර්බුදය ජාත්‍යන්තරව හඳුනාගත් ගැටුමක් යැයි ද ඊට විසඳුම් සෙවිය යුත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සම්මත වූ නිර්දේශ සහ කාශ්මීර ජනතාවගේ කැමැත්තට යැයි ද මහ කොමසාරිස්වරයා  පැවැසීය.



අදහස් (0)

‘‘ලංකාවේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමට ඕනෑම දෙයක් කරන්න සූදානම්‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 494 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 925 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site