(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ පළමු ද්විවාර්ෂික විනිවිදභාවය පිළිබඳ වාර්තාව දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
1993 වර්ෂයේ සිට එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ සහ 2013 වර්ෂයේ සිට පැරිස් ගිවිසුමේ පාර්ශ්වකරුවකු වශයෙන් ශ්‍රී ලංකාව කටයුතු කරනු ලබයි.
ඒ අනුව, එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය සහ පැරිස් ගිවිසුම මඟින් ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී.
පැරිස් ගිවිසුමේ 13 වන වගන්තිය යටතේ සෑම පාර්ශ්වකරුවෙකු විසින්ම 2024-12-31දිනට පෙර එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියට අදාලව පළමු ද්වි වාර්ෂික විනිවිදභාවය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කළ යුතු බව රජය කියයි. එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ, දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ සහ පැරිස් ගිවිසුමේ මග පෙන්වීම් වලට අනුකූලව ශ්‍රී ලංකාවේ පළමු ද්විවාර්ෂික විනිවිදභාව පිළිබඳ වාර්තාව සකස් කර තිබේ.
ඒ අනුව, එකී වාර්තාව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියට ඉදිරිපත් කිරීම පිණිස පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට (මැයි 5) සහ අනිද්දා ( 6 ) යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට ත
පළාත් පාලන ආයතන මට්ටමින් සහ ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාලයක එම කාර්යාල හැදින්වීම සඳහා සවි කරන වර්ග අඩි 60 නොඉක්ම වූ
සුරාබදු ත්‍යාග අරමුදලේ රුපියල් කෝටියකට වැඩි මුදලකින් මිලදීගෙන ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු වෙනත් රැකියා ස්ථානයකට මා
ගල්කිස්ස හුළුදාගොඩ පාළු ඉඩමකදි තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලංකාවේ විනිවිද බව ගැන UN එකට වාර්තාවක්