IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලංකාවේ මරණ වැඩිවෙලා

(සුජිත් හේවාජුලිගේ)

අලුත විවාහ වන පෙම්වතුන් විවිධ හේතු මත වසර දෙක තුනකින් දික්කසාදවීම ( වෙන්වීම)   වැඩිවන  ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ජ්‍යෙෂ්ඨ   නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්  ජනරාල්( සිවිල් ලියාපදිංචි කිරීම්) නීතිඥ ලක්ෂිකා ගනේපොළ මහත්මිය පැවසුවාය.

ආර්ථික  හේතු මෙන්ම  වෙනත් සමාජීය හේතුද  මීට මුල්වී ඇතැයි ඇය සඳහන් කළාය. මේ අතර රටේ වාර්ෂික  මරණ සංඛ්‍යාවද සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවී ඇතැයි  ගනේපොළ මහත්මිය ප්‍රකාශ කළාය.

සාමාන්‍යයෙන්  රටේ වාර්ෂික මරණ සංඛ්‍යාව 2000 වර්ෂය වනවිට  140000 මට්ටමක පැවති නමුත් එම සංඛ්‍යාව මේ වනවිට  180000 ක් දක්වා   ඉහළ ගොස් ඇති බව
පවසන නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්  ජනරාල්වරිය  රටේ දරු උපත් සංඛ්‍යාවද  අඩුවී ඇතැයි  පෙන්වා දුන්නාය.

සාමාන්‍යයෙන් 2020 වර්ෂය වනවිට රටේ වාර්ෂික  දරු උපත් සංඛ්‍යාව වූයේ 325000 ක් පමණය. එම සංඛ්‍යාව මේ වනවිට 280000 ක් දක්වා පහළ ගොස් ඇති බව ඇය සඳහන් කළාය.

ආර්ථික ගැටලු හේතුවෙන් නිසි වේලාවට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිවීම, මානසික ප්‍රශ්න වැඩිවීමත් සමග විවිධ රෝගාබාධවලට ගොදුරුවීම යනාදී හේතුද මරණ වැඩිවීමට බලපාන්නට ඇතැයි සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.



අදහස් (4)

ලංකාවේ මරණ වැඩිවෙලා

Muthu Sunday, 28 April 2024 04:32 PM

ඩොලර් රේට් එක විතරක් කෙලින් කරන්න බලා ඉන්න පාලකයින්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? ඒකෙත් තියෙන බොරුව තව මාස 7 - 8 කින් එළියට එනවා. එතකොට තියෙන්නේ වෙන රජයක්... මේක තනිකරම දේශපාලන පළිගැනීමක්. අන්තිමේ සියලු වන්දි ගෙවීම් ජනතාව කරමතට එනවා. ලංකාව හැම අතින්ම නාය යනවා, පාලකයින් චක්ගුඩු ගහනවා. ජොලියේ ඉන්නවා.

:       0       38

Rohana Sunday, 28 April 2024 07:09 PM

මාලිමාවට බලය දුන්නොත් මේ ප්‍රශ්න විසඳයිද? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න....

:       4       17

Range Sunday, 28 April 2024 07:50 PM

රනිල්ට කතිරේ ගහන්න ඉන්න මෝඩයින් මේක බලපල්ලා ආර්ථික ගැටලු හේතුවෙන් නිසි වේලාවට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිවීම, මානසික ප්‍රශ්න වැඩිවීමත් සමග විවිධ රෝගාබාධවලට ගොදුරුවීම යනාදී හේතුද මරණ වැඩිවීමට බලපාන්නට ඇතැයි සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති...

:       5       21

පිටරටවැසියා Sunday, 28 April 2024 08:58 PM

ඔය ගණන් මිණුම් දියවන්නාවට ගැලපෙන්නෙ නෑනේ. තාම මෑතකදී එහෙම වුණේ 3න් දෙනයි නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site