(අංජුල මහික වීරරත්න)
මහ කන්නයේ බඩඉරිඟු වගාව සඳහා බඩඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 200ක් ලබා දීමට ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (JICA) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන(UNDP) එක්ව එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ඩොලර් මිලියන 1.8ක් වටිනා හයිබ්‍රිඩ් බඩඉරිඟු බීජ මෙි යටතේ ලබා දීමට නියමිතය.
මහ කන්නයේදී හෙක්ටයාර 15,000ක බඩඉරිඟු වගා කිරීම සඳහා මෙම බඩඉරිඟු යොදා ගැනීමට නියමිතය.
මෙි සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමේ සාකච්ඡාවක් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේදී කෘෂිකර්ම,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර එම අවස්ථාවට JICA ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිත Yamada Tetsuya සහ UNDPහි ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධානී Malin Herwig සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ආචාර්ය ගාමිණී සමරසිංහ සහ පී. මාලතී, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජන්ත ද සිල්වා මහත්ම මහත්මීහු සහභාගී වූහ.
a
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලංකාවෙි බඩ ඉරිඟු වගාවට ජාත්‍යන්තර සහය ලැබෙයි
කිරිපුතා Tuesday, 13 September 2022 02:35 PM
අපේ රටට ආවේණික කිසිම වසක් විසක් පොහොරක් නැතිව සරු ඵලදාව දුන්නු අපේම බීජ නැති කරගෙන එකඑක රටවලින් බීජ අරගෙන පැළ කරපුදා ඉඳන් වස විෂ සහ පොහොර දානවා. අන්තිමට අපේ පරිසරයත් ඉවරයි. ගොවියට ලාබත් නෑ. පොතෙන් කෘෂිකර්මය පාඩම් කරපු උගතුන් කරපු දේ තමයි මේ....
ganegoda Tuesday, 13 September 2022 02:42 PM
අපෙ රටෙ හුගක් කෘමියො පනුවො වගෙ ජීවීන් වැඩි නිසා ඔව හරියන්නෙ නැහැ ..
ravin Tuesday, 13 September 2022 07:06 PM
මෙන්න මේවගේ ආධාරවලට තමයි නියම වටිනාකම ලැබෙන්නේ. ස්ව උත්සාහයෙන් වගාකර අස්වැන්න ප්‍රයෝජනයට ගන්න එක. හොරාකෑමත් අඩුයි. පිල්ලි ගැහුවත් කොහේහරි හිටවන්න එපෑයෑ...