IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලංකාවේ පළමු තැපැල්පත නිකුත් කර වසර 150ක් පිරීමට සමරු තැපැල්පතක්

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවේ පළමු තැපැල්පත නිකුත් කර 150 වසරක් සපිරීම නිමිත්තෙන් විශේෂ සමරු තැපැල්පතක් නිකුත් කිරීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (1) සිදුකෙරිණි.

එහිදී මෙම සමරු තැපැල්පත ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පිළිගන්වනු ලැබිණි.

මෙම විශේෂ සමරු තැපැල්පත් 1000ක ප්‍රමාණයක් නිකුත් කරන අතර එය රුපියල් 300ක මිලකට මිලදී ගත හැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ පළමු තැපැල්පත 1872 වර්ෂයේ සැප්තැම්බර් 01 වන දින නිකුත්කර ඇති අතර, එය ශත දෙකක වටිනාකමින් යුතු මුද්දරය වික්ටෝරියා රැජිනගේ උඩුකය රූපයක් සහිත වූවකි.

මෙම විශේෂ සමරු තැපැල්පත මෙරට පළමු තැපැල්පතේ ඡායාරූපයක් සහිතව නිකුත් කර තිබේ.

හිටපු කතානායක චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුදිතා ප්‍රශාන්ති සොයිසා, වෛද්‍ය ගයාශාන් නවනන්ද, යදාමිනී ගුණවර්ධන, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, තැපැල්පති රංජිත් ආරිරත්න යන මහත්ම මහත්මීහු සහ තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 



අදහස් (4)

ලංකාවේ පළමු තැපැල්පත නිකුත් කර වසර 150ක් පිරීමට සමරු තැපැල්පතක්

fairoos Thursday, 01 September 2022 04:26 PM

සාටකයින් ඔතන මොනවද කරන්නේ..?

:       0       0

Kumara Thursday, 01 September 2022 05:34 PM

අලෝ ගනිල්ලා ඹබලගෙ .......

:       0       0

බද්රානි Thursday, 01 September 2022 07:04 PM

එදා ඉංග්‍රීසි ජාතිකයින් ආරම්භ කල තැපැල් සේවය, ලැජ්ජා නැතිව මහා ඉහළින් සමරන්නේ හරියට මෙයාලා ආරම්භ කළා වගේනේ... තැපැල් සේවය බල්ලට ගියත් කමක් නැහැ. ජනතාවගේ බදු මුදල් නාස්ති කොට, උත්සව සමරන්න නම් හපන්නු.

:       0       2

සමිත අලුත්ගමගේ. Thursday, 01 September 2022 07:47 PM

සාටක තවමත් හොල්මන් කරනවා වගෙයි පේන්නේ... රට කෑ සාටකලා...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site