
(යොහාන් භාසුර)
ස්කාගාර, ධාන්‍ය මත්පැන් සහ රා බෝතල් කිරීමේ නිෂ්පාදනාගාරවල මිනිස් පරිභෝජනයට නුසුදුසු සහ අනුමත නොකළ ද්‍රව්‍ය යොදාගනිමින් මත්පැන් නිෂ්පාදනය කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. පේමරත්න මහතා පවසයි.
මත්පැන් නිෂ්පාදනාගාරවල සුරාබදු දෙපාර්තමේන්තුවේ නීති හා රෙගුලාසි උලංඝණය කරමින් නිෂ්පාදන කරන බවත් එම තත්වය පිළිබඳව දැඩි අවධානය යොමුකර ඒවා වැලැක්වීමට නීතිමය පියවර ගන්නා ලෙස සුරාබදු නිලධාරීන්ට දැනුම් දුන් බවත් පේමරත්න මහතා කීය.
මෙම තත්වය පිළිබඳව අවධානය යොමුකර සියලුම මත්පැන් නිෂ්පාදනාගාරවලට නීති විරෝධී ආකාරයට මත්පැන් නිෂ්පාදනය නොකරන ලෙස ලිඛිතව දැනුම්දී ඇති බව කී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනය කරන්නේ යැයි තහවුරු වූ ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගත් බව ද සඳහන් කළේය.
සුරාබදු නිලධාරීන් ඉදිරියේදී ඒ පිළිබඳව අඛණ්ඩව අවධානයෙන් පසුවන බව කී පේමරත්න මහතා පැවසුවේ එවැනි නිෂ්පාදානාගාර නීතිය ඉදිරියට යොමුකරන බවත්ය.
2025 නොවැම්බර් මස 04
216
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’’ලංකාවේ නිෂ්පාදනාගාරවල විෂ මත්පැන් හදනවා’’
kapila Tuesday, 12 August 2025 03:51 PM
අනේ අප්පෝ අපේ උදවිය පෝලිමේ ඉඳලා බෝතල් අරන් බොන්නේ මේවද?
අරවින්ද මොණරවිල Tuesday, 12 August 2025 03:55 PM
දැනුයි රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ, ඒ කියන්නේ දැනුයි රටේ ආණ්ඩුවක් තියෙන්නේ. මෙතෙක් කලක් රට පාලනය කෙරුවේ ආණ්ඩු නොවෙයි කල්ලී කණ්ඩායම් දෙක තුනක්.
පොඩිඑකාTuesday, 12 August 2025 05:22 PM
හා හා අරවින්ද, අව කැපෙන කතා කියන්න එපා. යෝගට තවත් නට් ලූස් වෙයි.