IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලංකාවේ දැන් අල්ලස් පටන් ගන්නෙ 10%න්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විදේශ ව්‍යාපෘති වලින් සියයට තුනක් අල්ලස් ගැනීමට 77 වසරේ දී ඇරැඹුණු  ක්‍රමය පසුව 5%සහ  10% වශයෙන් වර්ධනය වී දැන් සියයට කීයක් ගන්නවද කියා  තමා වත් දන්නේ නැතැයි  සමගි ජන බලවේගයේ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"මේක ඒ පැත්තෙත් මේ පැත්තෙත් බිස්නස් එක ඒ නිසා අල්ලස දිගටම තියෙන දෙයක්" බවද කුමාර වෙල්ගම මහතා කීය.

පිට රටවල් වල පවා මෙවැනි  අල්ලස් ගන්නා බවද  ඒ රටවල ගන්නේ සියයට තුනක් නමුත් ලංකාවෙි දැන් අල්ලස පටන් ගන්නේ සියයට දහයෙන් බවද  කුමාර වෙල්ගම මහතා පැවසීය.

ලොකු හොරකම් අල්ලන්න කියා යහපාලන ආණ්ඩුව පැමිණි අතර විපක්ෂයේ හිටපු ඔක්කොම එකට එකතු වු බවද වෙනම පොලිසියකුත් දමා හිටපු රාජ්‍ය නායකයන් පවා ඊට  ගෙන්වා  ගත් බව කී වෙල්ගම මහතා අන්තිමට  එක්කෙනෙක්වත් ඇල්ලුවෙ නැතැයි ද එය බොරු පුස්සක් බවට පත් වූ බවද සඳහන් කළේය.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට සහභාගී වෙමින් කුමාර වෙල්ගම මහතා මේ බව කීය.



අදහස් (1)

ලංකාවේ දැන් අල්ලස් පටන් ගන්නෙ 10%න්

Nimal Thursday, 22 June 2023 10:39 AM

3% ගන්න එක කමක් නෑ කියල වගේ නේද කියන්නෙ? රුපියලක් ගත්තත් එක වැරදි නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site