IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලංකාවේ ත්‍රිරෝද රථ මිලියන 1.2ක් විදුලි බලයෙන් ධාවනය කරවීමේ සැලසුමක්

මෙරට තුළ ධාවනය වන ත්‍රිරෝද රථ මිලියන 1.2කට අධික සංඛ්‍යාවක් සඳහා පරිසර හිතකාමී හා සහනදායී විසඳුමක් හඳුන්වා දීමට Lanka e-Mobility Solutions පෞද්ගලික සමාගම (LeMS) පියවර ගෙන තිබේ. e-Wheel ලෙස නම් කර ඇති, බැටරි මාරු කිරීමේ තාක්ෂණයක් වන මෙය භාවිත කිරීමට මෙරට ත්‍රිරෝද රථ හිමියන්ට ළඟදීම අවස්ථාව ලැබෙනු ඇතැයි එම සමාගම කියයි.

මේ අනුව, මින් ඉදිරියට ත්‍රිරෝද රථ හිමියන්ට අධික මුදලක් වැය කරමින් බැටරි මිලදී ගැනීමට හෝ ඒවායෙහි ආයු කාලය අවසන් වීමේ ගැටලුවට මුහුණ දීමට සිදු නොවේ. බැටරි මාරු කිරීමේ තාක්ෂණය යටතේ අලුත් බැටරියක් යෙදීම සඳහා ගතවනුයේ විනාඩි 2ක් වැනි සුළු කාලයක් පමණි. සාමාන්‍යයෙන් විදුලි බලයෙන් ධාවනය වන වාහනයක වියදම් අධිකම කොටස වන්නේ බැටරියයි. මෙම නව ක්‍රමවේදය යටතේ බැටරිවල මෙන්ම බැටරි මාරු කිරීමේ මධ්‍යස්ථානවල හිමිකාරීත්වය LeMS සමාගම සතු වන නිසා, සාමාන්‍ය ත්‍රිරෝද රථ විදුලි රථ බවට පරිවර්තනය කිරීමේදී ත්‍රිරෝද රථ හිමියන් බැටරි සඳහා මුදල් ගෙවිය යුතු නොවේ. ඔවුන් මුදල් ගෙවිය යුතු වන්නේ ත්‍රිරෝද රථය ධාවනය කරවීම සඳහා අවශ්‍ය වන බලශක්තිය සඳහා පමණි.

මෙය ශ්‍රී ලංකාව තුළ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රයක් ස්ථාපිත කිරීම සඳහා දරන උත්සාහයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. කාබන් විමෝචනය අවම කරමින් වායු දූෂණය පිටුදැකීමේ බරපතළ අවශ්‍යතාව හඳුනාගෙන මෙම නව විසඳුම හඳුන්වා දීමට LeMS නිර්මාතෘවරුන් පියවර ගෙන තිබේ.

“ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ මිලියන 1.2ක් පමණ තිබෙනවා. ඒවා දිනකට පෙට්‍රල් ලීටර මිලියන 5.5ක් තරම් විශාල ප්‍රමාණයක් දහනය කරනවා. මෙම තත්ත්වය පාලනය කිරීමට e-Wheel සංකල්පය අතිශයින් වැදගත් වේවි. තම පවුල්වල ප්‍රධාන ආදායම් උපයන්නන් වන මෙම ත්‍රිරෝද රථ හිමියන්ට, රුපියල් 450,000ක් වැනි මුදලක් ආයෝජනය කිරීම මගින් මසකට රුපියල් 20,000කට ආසන්න මුදලක් ඉතිරි කරගැනීමට පුළුවන්. මින් ඔවුන්ටත්, රටටත් වාසි රැසක් ලැබෙනවා. විශේෂයෙන්ම ඉන්ධන, ලිහිසි තෙල් සහ අමතර කොටස් ආනයනය සඳහා වැය වන විශාල මුදලක් මෙමගින් ඉතිරි කරගැනීමට පුළුවන්.” LeMS කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

“මේ පෙරළිකාරී හා පුරෝගාමී e-Wheel විප්ලවයේ එකම මූල්‍ය හා ලීසිං සහකරු බවට පත්වීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය හුදෙක් තාක්ෂණයේ ඉදිරි පියවරක් පමණක් නොව, අපගේ පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන මූලධර්මවලට සමගාමී වන පියවරක් ද වනවා. එමෙන්ම, එය අපගේ තිරසාරත්ව සැලසුම්වල අතිශය වැදගත් සන්ධිස්ථානයක් ලෙසත් හැඳින්විය හැකියි.” පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ෂමින්ද්‍ර මර්සිලීන් මහතා පැවැසීය.

595



අදහස් (0)

ලංකාවේ ත්‍රිරෝද රථ මිලියන 1.2ක් විදුලි බලයෙන් ධාවනය කරවීමේ සැලසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site