(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඔන්ලයින් පනත ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවත් අනුගමනය කරන්නේ ලෝකයේ සෙසු රටවල් අනුගමනය කරන ක්‍රියාවලියම බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ආසියාවේ සියලුම රටවල් පාහේ රටේ සංස්කෘතිය, ශිෂ්ටාචාර,අනාගතය සුරක්ෂිත වන පරිදි නීති රීති සම්මත කර තිබෙන බව කී අබෙිවර්ධන මහතා ලංකාව ආසියාවේ බලවත් රටක් බවට පත් කිරීමට නම් බෙදීමකින් තොරව ඔන්ලයින් පනතට සහය දිය යුතු බව සඳහන් කළේය.
ඔන්ලයින් පනත පිළිබඳ විවාදය අමතමින් වජිර අබේවර්ධන මහතා මේ බව කීය.
ගමේ මරණ දැන්වීමක් අලවන විටත් අසවල් පුද්ගලයා විසින් මුද්‍රණය කළා යැයි සඳහන් කළ යුතුව තිබෙන නමුත් දැන් එවැනි වගවීමක් තිබේදැයි වජිර අබෙිවර්ධන මහතා ප්‍රශ්න කළේය.
මෙවැනි ප්‍රශ්න ගැන පාර්ලිමේන්තුව බෙදී ක්‍රියා කළ යුතු නැතැයි ද ලෝකයේ රටවල් 137ක ඔන්ලයින් පනත ක්‍රියාත්මක වෙන්නේ යැයිද මන්ත්‍රීවරයා කීය.
ඔන්ලයින් පනතට තවත් නීති ඇතුළත් කළ යුතුව තිබෙන අතර පනතින් භාෂණයේ නිදහසට කිසිම හානියක් වන්නේ නැතැයි කී අබෙිවර්ධන මහතා සෑම පුරවැසියෙක්ටම තිබෙන භාෂණයේ නිදහස ආරක්ෂා කර තිබෙන බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාව කරන්නේ ලෝකෙ අනිත් රටවල් කරන දේමයි
Cham Wednesday, 24 January 2024 04:46 PM
ලෝකයේ අනෙක් රටවල් දියුණුව වෙනුවෙන් කරපු දේවල් කිසිදෙයක් නොකරපු අසික්කිත දේශපාලුවන් ඔවුන්ගේ මගඩි දේශපාලනය එළිපිට කතාකරන එක වළක්වන්න විතරක් ලජ්ජා නැතිව නීතිගේනවා...!
AB Wednesday, 24 January 2024 09:32 PM
ජාත්‍යනතර ප්‍රමිතීන්ට අනුව ඔන්ලයින් පනත සකස්විය යුතුවේ සහ සමජමද්‍ය වෙත FB අදහස් දක්වන හෝ වෙත යොමුකරනාවූ අන්තර්ගතයේ වගකීම දැරීමට නොහැකි පුද්ගලයන් ඔන්ලයින් පනතට විරුද්දව අදහස් ප්‍රකාශ කලද ජාත්‍යනතර ප්‍රමිතීන්ට අනුව සකස්කළ ඔන්ලයින් පනතක් රටකට තිබිය යුතුවේ.
chandima Thursday, 25 January 2024 05:06 AM
ලෝකේ කාපු පලියට හැම දේම කරන්න යන්න එපා.අන්තිමේ නෝනා ගෙනුත් කන් අඩිය පැලෙන්න කන්න වෙනවා
Perera Thursday, 25 January 2024 07:51 AM
ඔහෙලා වගේ අය කියන කිසි දෙයක් ජනතාව සත පහකට විශ්වාස කරන්නේ නැහැ