( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාව සමඟ යුවාන් බිලියන 10 ක අන්තර් මුදල් ඒකක හුවමාරුවක් (Currency Swap) මහජන චීන බැංකුව අනුමත කළ බව චීනයේ බීජිං හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි.මෙම අන්තර් මුදල් ඒකක හුවමාරුව වෙනුවෙන් මහජන චීන බැංකුවේ අනුමැතිය පෙරේදා (14) ලැබුනු බවද එම තානාපති කාර්යාලය කියාලසිටී.
මෙම මුදල් අනුමත කිරීම සම්බන්ධයෙන් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ප්‍රකාශ කළේ, මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ විශ්වසනීයභාවය පිළිබඳ ප්‍රකාශනයක් බවත්, එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කරමින් අනාගත ආයෝජකයින් දිරිගැන්වනු ලබන බවත්ය.
මෙය පිළිබඳ විධිමත් ලෙස අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහ බැංකුව සහ මහජන චීන බැංකුව විසින් දරන ලද උත්සාහය ද ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා විසින් අගය කළේය.
ශ්‍රී ලංකාව විසින් චීන බැංකු වලින් ඩොලර් බිලියන 2.2 ක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ රාජ්‍ය අමාත්‍ය නිවාඩ් කබ්රාල් මහතා ඉකුත් පෙබරවාරි 26 වැනිදා කොළඹදී පැවතී මාධ්‍ය හමුකදී සදහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලංකාව එක්ක මහජන චීන බැංකුව යුවාන් බිලියන 10 ක මුදල් ඒකක හුවමාරුව