(අංජුල මහික වීරරත්න)
ආසියාන් ආංශික සංවාද හවුල්කාරිත්වය (SDP)ට ලංකාවේ වැඩ සැලැස්ම ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) අග්නිදිග ආසියාවේ රටවල් 10ක එකතුවෙන් සැදුම්ලත් දේශපාලන හා ආර්ථික සංගමයකි.
එයට ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථීකයන් කිහිපයක් ඇතුළත් වන අතර එම රටවල් දළ වශයෙන් ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.5%කට පමණ දායක වේ.
ශ්‍රී ලංකාව මේ වන විට සියලුම ආසියාන් සාමාජික රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යන නමුත් හවුල්කාරී ආර්ථික ප්‍රගතිය සදහා ආසියාන් සමඟ ශක්තිමත් සම්බන්ධතාවක් අත්‍යවශ්‍ය වන බව පෙනී ගොස් ඇතැයි රජය පවසයි.
අග්නි දිග ආසියාවට අයත් නොවන රාජ්‍යයන්ට ආසියාන් සාමාජිකත්වය ලබා ගැනීමට නොහැකි වුවද ආසියාන්හි අරමුණු සඳහා දායක වීමට ඇති හැකියාව මත පදනම්ව බාහිර රාජ්‍යයකට " ආංශික සංවාද හවුල්කරුවකු " ගේ තත්ත්වය පිරිනැමීමට ආසියාන් සංගමයට හැකියාව පවතී.
ශ්‍රී ලංකාව 2019 වර්ෂයේදී ආංශික සංවාද හවුල්කාරීත්වය සඳහා අභිප්‍රාය ලිපියක් හා ආසියාන්හි අරමුණ ඉටු කර ගැනීම සඳහා යෝජනාවක් ආසියාන් ලේකම් කාර්යාලයට ඉදිරිපත් කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගෙනා නොමැත.
එබැවින්, බාහිර පාර්ශවයකට "ආසියාන්හි ආංශික සංවාද හවුල්කරුවකුගේ තත්ත්වය ලබා ගැනීම සඳහා ආසියාන් විසින් දක්වා ඇති ක්‍රියාවලිය අනුගමනය කරමින් 2019 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද අභිප්‍රාය ලිපියට අදාලව පැහැදිලි කාල රාමු සහිත නව වැඩ ක්‍රියාකාරකම් සැලැස්මක් ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලංකාව ආසියාවේ ලොකු හවුලකට