ශ්රී ලංකාව අන්තවාදය පරාජයට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා අතර රටේ වාර්ගික සාමය සහ සංහිඳියාව ස්ථාපිත කිරීමට සමත්වීම ලෝකයේ අනෙක් රටවලටත් සැබෑ පාඩමක් යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජිතයකු සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු යසුෂි අකාෂි මහතා අද (20) පවසා ඇත.
ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවෙමින් යසුෂි අකාෂි මහතා ඒ බව ප්‍රකාශ කළ බව එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක් දැක්විණි. 
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (19) පැවැති ‘ජාතික සම්මාන උලළේදී ‘ශ්‍රී ලාංකික සහ පොදුවේ මානව වර්ගයා වෙනුවෙන් සිදු කරන ලද විශිෂ්ට සේවය ඇගයීම වෙනුවෙන් ශ්‍රී ලාංකික නොවන පුද්ගලයන්ට ප්‍රදානය කළ “ශ්‍රී ලංකා රත්න සම්මානයෙන්” ද යසුෂි අකාෂි මහතා පිදුම් ලැබීය. 
ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් යසුෂි අකාෂි මහතා දැරූ නොමඳ උත්සහාය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදි ඔහුට ස්තූතිවන්ත විය. 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා සහ ජනාධිපති අතිරේක ලේකම් ඇසළ වීරකොන් යන මහත්වරු ද එම හමුවට එක්වූහ. 
 
055   
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලංකාව අන්තවාදය පරාජය කිරීම අන් රටවලට පාඩමක්