(යොහාන් භාසුර)
ශ්‍රී ලකාවේ ජෛව විවිධත්වය වැඩි කරමින් නව මදුරු විශේෂයක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීටවිද්‍යා කණ්ඩායම සමත්ව තිබේ. එම මදුරු විශේෂය ශ්‍රී ලංකාවෙ මීරිගම සහ කළුතර ප්‍රදේශවලින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ දිස්නක දිසානායක මහතා පවසයි.
Culex(lephoceraomyia) cinctellus කියුලෙක්ස් සින්ටෙලස් නැමති මෙමෙ විශේෂය දැනට තායිලන්තය සහ ඉන්දියාව වැනි රටවලින් වාර්තා වී තිබේ. මෙම මදුරු විශේෂය රෝග වාහකයෙක් ද නැද්ද යන පිළිබඳව තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර ලෝකය තුළ ද රෝග වාහකයකු වශයෙන් වාර්තා වී නොමැත.
මීට අමතරව එම කණ්ඩායම විසින්ම මෑතකදී culex ගණයට අයත් cx.sp near infula කියුලෙක්ස් නියඉන්ෆියුලා නැමති මදුරු විශේෂය ද සොයාගැනීමට සමත් විය. එම මදුරුවා ඉන්දියාව තුළ මොලේ මැලේසියාව රෝගය බෝ කරන culex infula යන මදුරු විශේෂයට ඉතාමත් ආසන්න මදුරු විශේෂයක් වන අතර ශ්‍රී ලංකාව තුළ වාහකයෙක්ද නැත්ද යන පිළිබඳව තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර එම මදුරුවා වාහකයකු වීමේ වැඩි සම්භාවිතාවයක් පවතී.
මෑත කාලය තුළ නව මදුරු විශේෂ 03 ක් සෞඛ්‍ය කීටවිද්‍යා නිළධාරින් විසින් සොයාගැනීමට සමත් වූ අතර තවත් මදුරු විශේෂ 04 ක් ශ්‍රී ලංකාව තුළ තහවුරු කරගනිමින් ජානමය පර්යේෂණ සදහා නියදි යවා ඇත. මෑත කාලය තුළ මෙම නව සොයා ගැනීම් සමග කීට විද්‍යා ක්ෂේත්‍රය තුලින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් වෙනස් කම් ඇති විය භැකිය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ලංකාවෙන් නව මදුරු විශේෂයක් සොයාගනී
kamal Sunday, 16 October 2022 09:31 PM
ලංකාවෙ අලුත් සොයා ගැනීම් මේවා තමා.
Perera Monday, 17 October 2022 05:23 AM
මේ අය කළුතරින් නැගිටගෙන එන්නේ අපිට විදින්න තමයි.
ඩේසි ආච්චි Monday, 17 October 2022 08:54 AM
අපි නිදහස ගත්තු දවසේ සිටින රට කාපු මදුරුවෝ අනන්ත හිටියා... නමුත් දරුණුම මදුරුවන් හැදුණේ පොහොට්ටු විලේ තමයි. මේ කියන මදුරුවන් විනාශ නොකොළොත් අපේ දරුවන්ට අනාගතයක් නැහැ...