IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ලංකාවට ’’හයිඩ්‍රජන් ආර්ථිකයක්’’

 

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව වෙත හයිඩ්‍රජන් ආර්ථිකයක් හඳුන්වා දීමේ වත්මන් තත්ත්වය සහ ක්‍රමෝපායික ගමන්මග සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සැලකිල්ල යොමු වී ඇත.

කාබන් විමෝචනය අවම කිරීම සහ සිය බල ශක්ති මිශ්‍රය විවිධාංගීකරණය සඳහා ශ්‍රී ලංකාව විසින් තිරසර විසඳුම් සොයමින් සිටින අතර එහිදී ජාතික හා ගෝලීය දේශගුණික ඉලක්ක සමඟ අනුරූප වන ශක්‍ය විකල්ප බල ශක්ති මූලාශ්‍රයක් වශයෙන් හරිත හයිඩ්‍රජන් හඳුනාගනු ලැබ ඇත. 

ඒ අනුව බලශක්ති අමාත්‍යාංශය විසින් ජාතික හයිඩ්‍රජන් මාර්ග සිතියම දියත් කිරීම සහ සවිස්තරාත්මක පුනර්ජනනීය හයිඩ්‍රජන් ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීම ඇතුළු වැදිගත් මූලික පියවර කිහිපයක් මේ වන විටත් ගනු ලැබ තිබේ. 

ඊට අදාළව ප්‍රතිපත්ති රාමුව වැඩි දියුණු කිරීම, විභව ගැටලු මඟහරවා ගැනීම සහ සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීම සඳහා පුළුල් වූ පොදු එකඟතාවක් ඇති කර ගැනීම පිණිස මහජන අදහස් විමසීමේ වැඩමුළු සහ ප්‍රධාන පාර්ශ්ව කරුවන්ගේ වැඩමුළු පැවැත්වීමට බලශක්ති අමාත්‍යාංශය විසින් අපේක්ෂා කරනු ලබයි.

 ඒ අනුව දේශීය තත්ත්වයන් සහ අවශ්‍යතාවන්ට අනුකූලව සහ ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිතීන්ට සහ කාර්ය සාධන මිනුම් දඬු සමඟ අනුරූප වන පරිදි ශ්‍රී ලංකාවේ හයිඩ්‍රජන් ක්ෂේත්‍රය සකස් කිරීම සඳහා ගනු ලබන පියවර සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා  විසින් ඉදිරිපත් කරන ලද කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

 



අදහස් (4)

ලංකාවට ’’හයිඩ්‍රජන් ආර්ථිකයක්’’

අරවින්ද මොණරවිල Tuesday, 12 August 2025 02:10 PM

මීට දශක ගණනාවකට පෙරම හයිඩ්‍රජන් බලශක්ති ප්‍රබවයක් ලෙස ලෝකයේ අවධානයට යොමු වෙලා තිබූණ නමුත් ලංකාවේ පාලකයන් අඩුම ගානේ ඒ ගැන හිතන්නවත් පෙලඹිලා තිබුණේ නැහැ. දැන් හරි අවධානය යොමු කෙරුව එක හොදයි.

:       3       10

අන්_ර Tuesday, 12 August 2025 02:21 PM

හයිඩ්‍රජන් ආර්ථිකය මොකක්ද කියල මට තේරෙන්නෙත් නෑ බං, ඒත් මම හා කිව්වා.

:       1       4

ලුම්බිණි Wednesday, 13 August 2025 05:52 AM

දැන් ඩිජිටල් ආර්ථිකය හදල ඉවරද ?

:       0       2

pakeerWednesday, 13 August 2025 01:36 PM

ඩිජිටල් ආර්ථිකේ පටන් ගත්තා... ඒකත් කරගෙන යන ගමන් තමයි මේකත් කරන්නේ... තව ඒවා පටන් ගන්න වුණොත් ඒවත් පටන් ගන්නවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 216 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site