IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


’’ලංකාවට මූල්‍ය සහාය සැපයීමට සූදානම්’’

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවට වැඩිදුර මූල්‍ය සහාය සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානම් බව එම බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතා වාර්ෂික රැස්වීමේදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ උද්ධමනය අගෝස්තු මස සියයට 70.2 ක් වී ඇති බවත් ඉහළ උද්ධමනයෙන් පීඩා විඳීම හේතුවෙන් ජනතාවගේ ජීවන රටාවටද බලපෑම් එල්ල වී ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.මේ අභියෝගාත්මක කාලයේදී ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා මෙරට රජය සමග සමීපව කටයුතු කරන බව අසකාවා මහතා පැවසුවේය.

ණය හිමියන්ගේ මූල්‍ය සහතික ලබා ගනිමින් සහ අනිකුත් නිර් දේශ ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීම සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගනු ඇතැයි තමන්ට විශ්වාස බව අසකාවා මහතා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන සම්පූර් ණ කර පසු ශ්‍රී ලංකාවට අමතර මූල්‍ය සහාය ලබාදෙමින් මෙම අර් බුදයෙන් ගලවා ගැනීමට සිතා බලන බව අසකාවා මහතා පැවසුවේය.



අදහස් (0)

’’ලංකාවට මූල්‍ය සහාය සැපයීමට සූදානම්’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 577 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 725 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 305 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site