(අංජුල මහික වීරරත්න)
දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාව ද නිරන්තරයෙන් දේශගුණ විපර්යාස වලට මුහුණ දෙන රටක් වන හෙයින් අනාගතයේ සිදුවිය හැකි දේශගුණ විපත් කළමනාකරණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම කාර්යාලය පිහිටුවනු ලබයි.
දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් එම කාර්යාලයේ කාර්යභාරයන් සිදු කෙරෙයි.
අනාගත දේශගුණ අභියෝගයන්ට මුහුණ දීම සඳහා ලෝකයේ බොහෝ රටවල් මෙවැනි ලේකම් කාර්යාල පිහිටුවා ඇති බවත් එම රටවල් අනාගත දේශගුණ අභියෝගයන්ට ශක්තිමත්ව මුහුණ දීම සඳහා අරමුදල් ද එක්රැස් කර තිබෙන බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ දේශගුණ අභියෝගයන්ට මුහුණදීම සඳහා සැලසුම් සකස් කිරීම මෙම ලේකම් කාර්යාලය පිහිටුවීමෙි ප්‍රධාන අරමුණකි.
දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවෙි පිහිටුවීමට සහ දේශගුණ විපර්යාස වලට මුහුණ දීම සම්බන්ධයෙන් වන පනතක්ද ඉදිරියේදී කෙටුම්පත් කොට පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති අතර එම කටයුතු ද මෙම ලේකම් කාර්යාලය මගින් සිදු කෙරෙයි.
මාලදිවයිනේ හිටපු ජනාධිපති වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක ලෙස පත් කරනු ලැබූ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් මහත්වරු ද දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ කටයුතු සඳහා සහයෝගය පළ කරති.
නොවැම්බර් 06 වැනිදා සිට 18 වැනි දා දක්වා ඊජිප්තුවේ දී පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 ලෝක සමුළුවේදී ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ පිහිටුවීමට නියමිත දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
993
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවට දේශගුණ විපර්යාස ලේකම් කාර්යාලයක්
nimal Sunday, 16 October 2022 07:30 AM
ශ්‍රී ලංකව යනු පැය දෙකක් වැනි කෙටි කාලය තුල දේශගුණික වෙනස්කම් සහිත කලාප පිහිටා තිබෙන සහ කලාපවලට ළගාවිය හැකි රටක් නිසා දේශගුණික විපර්යාස පිළිබඳ විස්ලෙෂනය කිරීම පහසු නිසාත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවෙ පිහිටුවීම වැදගත් වේ.
Prase Sunday, 16 October 2022 09:33 AM
හම්බවෙයි විශ්වය විද්‍යාල පිහිටුවන්න... ජවිපෙ එකයි, අන්තර් වෘත්තීය සමිති එළියට බහියි... ඔන්න අධ්‍යාපනය රනිල් විකුණන්න යනවා. වැරැදුණු හරක් ටික එළියට බහියි.
Prabha Sunday, 16 October 2022 01:08 PM
සෝල්හයිම් දන්න දේශගුණේ... රටවල් දෙකඩ කරන්න නම් දක්ෂයෙක් කියලා අහලා තියෙනවා.