IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලංකාවට තවත් ’’කප්’’ එකක්

(සුජිත් හේවාජුලිගේ )

රාජ්‍ය ආදායමෙන් ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව බව  ලෝක බැංකුවේ සංවර්ධන  දර්ශක අනුව පෙනීයන්නේ යැයි  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ  මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව  2000 වර්ෂයේදී   රාජ්‍ය ආදායමෙන් ණය සඳහා පොලී වශයෙන් සියයට 33ක මුදලක් ගෙවා ඇත. ඒ අනුව  ශ්‍රී ලංකාව  ණය සඳහා පොලී ගෙවන රටවල් අතර පස්වෙනි ස්ථානයට එම වර්ෂයේදී පත්විය.

2010 වර්ෂයේ දී ණය සඳහා වැඩිම පොලී ගෙවන රටවල් අතර ලංකාව දෙවෙනි ස්ථානයට පත්විය. ඒ වර්ෂයේදී ගෙවා ඇති පොලී මුදල රාජ්‍ය ආදායමෙන් සියයට හතළිස් දෙකකි.

ඊට පසු ශ්‍රී ලංකාව 2020 වර්ෂයේදී ණය සඳහා ලෝකයේ   වැඩිම පොලී ගෙවන රට බවට පත්විය.  රාජ්‍ය ආදායමෙන් පොලී සඳහා එම වර්ෂයේදී  වැය කර ඇති මුදල  සියයට 71කි. පසුගිය 2023 වර්ෂයේදී ශ්‍රී ලංකාව රාජ්‍ය ආදායමෙන් පොලී සඳහා සියයට 77ක් ගෙවූ බව  මහ බැංකු වාර්තා හෙළිකරයි.

2020 වර්ෂයේදී රාජ්‍ය ආදායමෙන්  ණය සඳහා වැඩිම පොලී ගෙවන රටවල් අතර  ලෙබනනය පළමු ස්ථානයට පත්ව තිබිණ. එරට රාජ්‍ය ආදායමෙන් සියයට අනූපහක මුදලක් ණය පොලිය සඳහා ගෙවා තිබිණ.

ඉකුත් 2000 වර්ෂයේ සිට මේ දක්වාම ණය සඳහා වැඩිම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව බව මේ අනුව  පෙනී යන්නේ යැයි  අතු කෝරළ මහතා කීවේය.



අදහස් (0)

ලංකාවට තවත් ’’කප්’’ එකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site