IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලංකාවට ඩොලර් බිලියන 17ක වාසියක්

(අංජුල මහික වීරරත්න)

ද්වී පාර්ශ්වීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව  විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ සබ්‍රි  මහතා සඳහන් කළේය.  

එසේම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථක කරගැනීමට ද මෙම තත්ත්වය ඉවහල් වන බව අමාත්‍යවරයා පැවසීය.

අලි සබ්‍රි මහතා මේ බව කීවෙි  'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

" සම්පූර්ණ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සපයා දී ඇති යම් කාල පරාසයක් තුළ බව පැවසිය යුතුයි. සමස්ත ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් 95%ක් දක්වා අඩු කරගත යුතුව තිබෙනවා. එසේම දැනට විදේශ ණය සඳහා ගෙවන පොලිය දළ ජාතික නිෂ්පාදනයෙන් 4.5%ක් දක්වා අඩු කර ගත යුතුයි" යනුවෙන් ද විදේශ අමාත්‍යවරයා කීය.



අදහස් (5)

ලංකාවට ඩොලර් බිලියන 17ක වාසියක්

WCA Friday, 28 June 2024 09:23 PM

මුන්ගේ බොරු එතකොට මුළු ණය බිලියන 100න් දැන් ගෙවන්න ඕනේ බිලියන 83යි ද ? මෙහෙමත් පච අරිනවද යකෝ

:       1       6

රංබොඩ Friday, 28 June 2024 09:58 PM

දළ ජාතික නිෂ්පාදනය වැඩි කර ගැනීම සහ ණයට ගැනීම නතර කර ගැනීමට මොන නායකයාද සැලසුම් කරන්නේ?

:       1       30

chandima Friday, 28 June 2024 10:30 PM

ඉතින් සබ්රි තුමෝ බංකොලොත් වුනාට පස්සේ මේ වෙනකල් පිනා මහත්තයාගේ ආණ්ඩුවෙන් අරන් තියන ණය වැඩිනේ

:       3       4

Saman Saturday, 29 June 2024 07:39 AM

ආයේ පාර්ලිමේන්තුව පැත්තවත් දිහා බලන්නේ නැහැ කියපු අය නේද මේ?

:       0       2

ගමේ එකාලා Saturday, 29 June 2024 02:58 PM

බලලෝබී, බඩගෝස්තරවාදී කාලකන්නි, දූෂිත, දේශපාලුවන්ට නම් වාසි ඇති. ජනතාවට තමයි දේශපාලුවන් කරපු විනාශයට කරගහන්න වෙලා තියෙන්නේ...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 550 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site