IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලංකාවට ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයක්

(අංජුල මහික වීරරත්න)

ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සභාපති ෂෙයික් සල්මන් බින් එබ්‍රහිම් අල් කලීෆා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහත්වරුන් අතර සාකච්ඡාවක්  ශ්‍රැන්ග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි. 

බොහෝ ආසියානු රටවල් ආර්ථිකය හමුවේ, දූෂණයට ලක් ව ඇති නමුත්, වත්මන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සමඟ ශ්‍රී ලංකාව රටක් ලෙස ඉදිරියට ගමන් කරමින් පවතින බව ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සභාපති කලීෆා මහතා මෙහිදී පැවසුවේය.

ඒ අනුව ක්‍රීඩාව ද වඩා හොඳ තලයකට පැමිණෙන බව තමන්ට විශ්වාස බව ඔහු සඳහන් කළේය.

පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ සම්බන්ධව නවීන පහසුකම් සහිත ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගනයක් මෙරටට ලබා දීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේ ය. ඒ සඳහා අවශ්‍ය ඉදිරි සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණි.

මෙම අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ද සහභාගී විය.

 



අදහස් (1)

ලංකාවට ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයක්

fairoos Saturday, 05 April 2025 12:00 PM

මුස්ලිම් රටවලින් නම් අපිට මුකුත් එපා. මොනවට එනවද කවුද දන්නේ... නේද අපේ හාමුදුරුවනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 381 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site