IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලංකාවට කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට සහ නව කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා රජය කැලිෆෝනියා විශ්වවිද්‍යාල පද්ධතිය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ඇමරිකා එක්සත් ජනපදය - ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිෂන් සභා වැඩසටහනේ 70 වැනි සංවත්සරය අමතමිනි.

ආහාර සපයා ගැනීමට අවශ්‍ය කරන සම්පත් නොමැති දූපත් රාජ්‍යයන්ට සහ මැදපෙරදිග රටවලට ආහාර සැපයීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට   සිංගප්පූරු ආයෝජකයින් සමඟ සාකච්ඡා කළ බවත් ඒ සඳහා අවශ්‍ය ඉඩම් සොයාගෙන කෘෂිකර්මාන්තය නවීකරණය කරන ලෙස උපදෙස් ලබා දුන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

නව කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලය, තේ පර්යේෂණ ආයතනය (TRI) සමඟ ඒකාබද්ධ කර ශ්‍රී ලංකාවේ කෘෂි පර්යේෂණ ක්ෂේත්‍රය වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳ සොයා බැලීමට ඇමරිකානු ආයතන කිහිපයක සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පැවසීය.



අදහස් (5)

ලංකාවට කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක්

sene Thursday, 17 November 2022 12:47 PM

ඔන්න ආයෙමත් බින්න ජාතක පොතට අලුත් කොටසක්.

:       9       4

Perera Thursday, 17 November 2022 02:14 PM

පිනාධිපති කටින් බතල හිටවනවා

:       8       4

ලුම්බිණි Thursday, 17 November 2022 02:27 PM

වොක්ස්වාගන් ෆැක්ටරි එක පටන් ගන්න අදහසක් නැතෙයි.

:       7       5

ගමේ එකාලා Thursday, 17 November 2022 03:50 PM

ගජබින්න ඇද බානවට වැඩිය හොන්දා ගොවීන්ට නිසි කළට,අවස්‍ය පොහොර සහනාධාර දීලා ගොවීන්ව දිරිමත් කරන එක.. ගොවීන්ගේ ප්‍රශ්න වල ට විසදුම් දෙන එක. මොන ලෝකේද දන්නේ නැහැ ඉන්නේ?

:       4       4

විපරමා Thursday, 17 November 2022 07:17 PM

මේ වෙලාවෙ කරන්ඩ තියෙන්නේ කෘෂිකර්මාන්තය නවීකරණය කරනවා කියලා බොරු බයිලා ගහන එක නෙවෙයි දැනට තියෙන ප්‍රශ්න වලට විසදුම් දෙන එක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site