( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ තින්ත හා තවත් දෑ සොරකම් කර තම පුද්ගලික වාහනයේ රැගෙන යමින් සිටි බලාගාර ආරක්ෂකයකු අත් අඩංගුවට ගත් බව නොරෝච්චෝල පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ලංකා විදුලි බල මංඩලයට අයත් නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ ආරක්ෂක අංශයේ රාජකාරි වල නිරත වු ආරක්ෂක නිළධාරියෙක් බව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් ආරක්ෂක නිළධාරියා කරඹ පොලිස් හා නාවික හමුදා මාර්ග බාධකය හරහා ගමන් කරමින් සිටියදි සිදුකල සෝදිසියකදි එම වාහනය තුළ තිබි ලක්විජය බලාගාරයට අයත් බව කියන තින්ත හා තවත් වාහන බෙල්ට් පටියක් සමග අත් අඩංගුවට ගෙන තිබුනී.
ආරක්ෂක නිළධාරියා සොරා ගෙන රැගෙන යමින් තිබු මෙම දෑ වල වටිනාකම රුපියල් තිස් දහසකට ආසන්න විය හැකි බව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් සැකකාර ආරක්ෂක නිළධාරියා ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර තම නිවසට යමින් සිටියදී මෙසේ අත් අඩංගුවට ගෙන තිබුනී.
අත් අඩංගුවට ගත් සැකකාර ආරක්ෂක නිළධාරියා 14 දින පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමීතව තිබුනී.
මේ පිළිබදව කල විමසිමේදි නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ කළමණාකාර නාලක විජේකෝන් මහතා පවසා සිටියේ ආරක්ෂක නිළධාරියා සමග අත් අඩංගුවට පත් දෑ නොරෝච්චෝල ලක්විජය බලාගාරය සතු දෑ බවට මේ වන විට සනාථ වි ඇති බවයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලක්විජය බලාගාරයේ තීන්ත ඇතුළු භාණ්ඩ සොරාගත් ආරක්ෂක නිළධාරියා මාට්ටු
වේලායුදම් සිවලිංගම් (ව්ශ්‍රාමි ප්‍ර.පො.ප) Tuesday, 14 September 2021 08:16 PM
මෙවැනි අයවලුන් අධිකරණයට ඉදිරිපත්කොට සේවයෙන් ඉවත්කළ යුතුයි.